නෙදර්ලන්තයෙන් ආ ගැබ්බර සුනඛයින් පැටවුන් 13ක් බිහි කරයි (ඡායාරූප)

ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් නිල සුනඛ කොට්ඨාසය වෙත නෙදර්ලන්තයේ සිට පසුගියදා ලද නිල සුනඛයින් 35 දෙනාගෙන් ගැබ්බර ගැහැනු සුනඛයින් දෙදෙනකු සිය පැටවු ප්‍රසූත කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය පැවසුවේ මෙම සුනඛ කණ්ඩායමේ ගැබ්බර ගැහැනු සුනඛයින් තිදෙනකු සිටි බවත්, ඉන් දෙදෙනකු මේ වනවිට බිහි කර ඇති බවත් එහි පැටවු 13 දෙනෙකු සිටින බවයි.

මෙහි පළමු ප්‍රසූතිය මහනුවර කුණ්ඩසාලේ පිහිටි අස්ගිරිය පොලිස් නිල සුනඛ මූලස්ථානයේ දී සිදු කෙරුණා.

පැටවු බිහි කල ගැහැනු සුනඛයින් අතරින් ඉංග්ලිෂ් ස්පැනියර් වර්ගයේ ටෙම් පාර්ඩ් යන ගැහැනු නිල සුනඛයා විසින් පිරිමි පැටවු 03කු සහ ගැහැනු පැටවු සිව්දෙනෙකු බිහිකර තිබෙනවා.

ලියා යන ගැහැනු සුනඛයා විසින් ද පිරිමි පැටටු 03ක් සහ ගැහැනු පැටව් සිව්දෙනෙකු ද බිහි කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පැටවුන් නිල සුනඛ කොට්ඨාසයේ සහකාර අධ්‍යක්ෂ පශු වෛද්‍ය අමල් දිසානායකගේ පරීක්ෂාව යටතේ මහනුවර කුණ්ඩසාලේ පිහිටි අස්ගිරිය පොලිස් නිල සුනඛ මූලස්ථානයේ නිරෝගී ව සිටින බව ද සඳහන්.

WhatsApp Image 2024 07 12 at 15.06.45
WhatsApp Image 2024 07 12 at 15.06.44


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02