AFC Banner
Empty Ad
Empty Ad

නෙදර්ලන්තයෙන් ආ ගැබ්බර සුනඛයින් පැටවුන් 13ක් බිහි කරයි (ඡායාරූප)

ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් නිල සුනඛ කොට්ඨාසය වෙත නෙදර්ලන්තයේ සිට පසුගියදා ලද නිල සුනඛයින් 35 දෙනාගෙන් ගැබ්බර ගැහැනු සුනඛයින් දෙදෙනකු සිය පැටවු ප්‍රසූත කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය පැවසුවේ මෙම සුනඛ කණ්ඩායමේ ගැබ්බර ගැහැනු සුනඛයින් තිදෙනකු සිටි බවත්, ඉන් දෙදෙනකු මේ වනවිට බිහි කර ඇති බවත් එහි පැටවු 13 දෙනෙකු සිටින බවයි.

මෙහි පළමු ප්‍රසූතිය මහනුවර කුණ්ඩසාලේ පිහිටි අස්ගිරිය පොලිස් නිල සුනඛ මූලස්ථානයේ දී සිදු කෙරුණා.

පැටවු බිහි කල ගැහැනු සුනඛයින් අතරින් ඉංග්ලිෂ් ස්පැනියර් වර්ගයේ ටෙම් පාර්ඩ් යන ගැහැනු නිල සුනඛයා විසින් පිරිමි පැටවු 03කු සහ ගැහැනු පැටවු සිව්දෙනෙකු බිහිකර තිබෙනවා.

ලියා යන ගැහැනු සුනඛයා විසින් ද පිරිමි පැටටු 03ක් සහ ගැහැනු පැටව් සිව්දෙනෙකු ද බිහි කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පැටවුන් නිල සුනඛ කොට්ඨාසයේ සහකාර අධ්‍යක්ෂ පශු වෛද්‍ය අමල් දිසානායකගේ පරීක්ෂාව යටතේ මහනුවර කුණ්ඩසාලේ පිහිටි අස්ගිරිය පොලිස් නිල සුනඛ මූලස්ථානයේ නිරෝගී ව සිටින බව ද සඳහන්.

WhatsApp Image 2024 07 12 at 15.06.45
WhatsApp Image 2024 07 12 at 15.06.44
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
2
+1
4
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?