AFC Banner
Empty Ad
Empty Ad

පාරින්ද රණසිංහව නීතිපති කිරීමට ව්‍යවස්ථාදායක සභාවේ අවසරය

පාරින්ද රණසිංහ නීතිපතිවරයා ලෙස පත් කිරීම සඳහා අවසර හිමි ව තිබෙනවා.

අද (11) පෙරවරුවේ මෙම අවසරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවෙන් හිමි වූ බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසන්නේ.

මීට පෙර කටයුතු කළ නීතිපති සංජය රාජරත්නම්ගේ ධුර කාලය අවසන් වීමත්; ජනාධිපතිවරයා විසින් එය දීර්ඝ නොකිරීමත් හේතුවෙන් නීතිපතිවරයා විශ්‍රාම ගැන්වීම සිදු කෙරුණා.

ඒ හේතුවෙන් මේ වනතෙක් නීතිපති ධුරය පුරප්පාඩුව පවතිනවා.

නීතිපති ධුරයේ පුරප්පාඩුව තාවකාලික ව අවසන් කිරීමට ජුලි 01 වැනිදා වැඩබලන නීතිපතිවරයා වශයෙන් ජ්‍යේෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ දිවුරුම් දුන්නා.

ඒ අගවිනිසුරුවරයා ඉදිරියේ දී යි.

මෙම පත් කිරීම ජනාධිපතිවරයා විසින් සිදු කරනු ලැබුවා.

පාරින්ද රණසිංහ මහතා ව නීතිපති ධුරයට පත් කිරීම සඳහා ජනාධිපතිවරයාගේ නිර්දේශය ව්‍යවස්ථාදායක සභාව වෙත යොමු කෙරුණු අතර ඊට මෙලෙස අද දිනයේ දී අනුමැතිය හිමිවුණා.

පාරින්ද රණසිංහ මහතා මෙරට හිටපු අගවිනිසුරුවරයෙකු වන කේ.ඒ.පාරින්ද රණසිංහ මහතාගේ පුත්‍රයෙකු ද වීම විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?