ක්ලබ් වසන්තගේ දේහයේ අවසන් කටයුතු අනිද්දා

පසුගිය 08 වැනි දා අතුරුගිරිය ද්විත්ව පුද්ගල ඝාතනයට ලක් වූ මෙරට ප්‍රසිද්ධ ව්‍යාපාරික ‘ක්ලබ් වසන්ත’ නොහොත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරාගේ දේහය පිළිබඳ ව අවසන් කටයුතු එළඹෙන සෙනසුරාදා (13) දින සිදු කිරීමට කටයුතු යොදා තිබෙනවා.

ක්ලබ් වසන්ත යනු සන්හිල් සමූහ ව්‍යාපාරයේ අධිපතිවරයෙකු මෙන් ම කාන්තාවන් විදේශීය රටවල්වල රැකියා සඳහා ව්‍යාපාර කටයුතු සිදු කරමින් මෙරට රාත්‍රී සමාජ ශාලා පවත්වාගෙන ගිය පුද්ගලයෙක්.

ඔහුට විවිධ පාතාල කල්ලි නායකයින් සමග සමීප සබඳතා තිබූ බවට ද හෙළි ව තිබෙනවා.

කාලයක් මාකඳුරේ මධුෂ් නමැති දකුණේ පාතාල කල්ලි නායකයා සමග සමීප ව ඇසුරු කළ මොහු 2019 ඩුබායි රාජ්‍යයේ දී කංජිපානි සහ මධූෂ්ව එරට පොලිසියට කොටු කරදීමට ද සහාය පළ කළ අයෙකු ලෙසයි පොලිසියට ලැබුණු ආරංචි මාර්ග අනුව පැවසෙන්නේ.

වසන්තගේ දේහය ජුලි 12 එනම් හෙට දිනයේ උදේ 8.30 සිට රාත්‍රී 10 තෙක් ද, ජූලි 13 සෙනසුරාදා උදේ 8.30 සිට පස්වරු 3 දක්වා ද කොළඹ 08 බෞද්ධාලෝක මාවත ‘ද රෙස්පෙක්ට් හෝම්’ හි පිහිටි ජයරත්න ප්‍රභූ ගෞරව අවමංගල්‍ය ශාලාවේ තැන්පත් කෙරුණු ඇති.

පසුව 13 වැනි සෙනසුරාදා සවස 4.30 ට බොරැල්ල පොදු සුසාන භූමියේ දී ක්ලබ් වසන්තගේ දේහය පිළිබඳ ව අවසන් කටයුතු සිදු කෙරෙන බවයි දැනුම්දී ඇත්තේ.

පසුගියදා දුලාන් සංජු නමැත්තෙකු විසින් සිය ටැටූ ආයතනය ආරම්භ කිරීම වෙනුවෙන් ක්ලබ් වසන්ත සහ ඔහුගේ බිරිඳ වෙත සිදු කරන ලද ප්‍රධාන ආරාධනය මතයි ඔහු එම ස්ථානයට එදින ගොස් තිබුණේ.

එම උත්සව අවස්ථාවේ තවත් ආරාධිතයින් ලෙස මෙරට ජනප්‍රිය ගායන ශිල්පිනී කේ. සුජීවා සහ ඇයගේ ස්වාමිපුරුෂයා ලෙස පැවසෙන නයන වාසල නමැති 38 හැවිරිදි අයෙක් ද සිටියා.

සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනකු විසින් ටැටූ ආයතනය තුළට ම පැමිණ ටී56 ගිනි අවි දෙකකින් ක්ලබ් වසන්ත ඇතුළු පිරිසට වෙඩි පිට වෙඩි තැබීම් සිදු කෙරුණා.

එහිදී වෙඩි උණ්ඩ 09ක් වසන්තට එල්ල වූ අතර ඉන් තුනක් ම එල්ල වී තිබුණේ ඔහුගේ හිසටයි.

ඉන් බරපතළ තුවාල ලැබූ වසන්ත හෝමාගම මූලික රෝහලට ඇතුළත් කෙරුණ ද ජීවිතක්ෂයට පත් වුණා.

එමෙන්ම කේ. සුජීවාගේ ස්වාමිපුරුෂයා වූ නයන වාසලට ද බරපතළ තුවාල සිදු වූ අතර හෙතෙම වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අවස්ථාවේ දී මියගිය බවයි වාර්තා වූයේ.

කේ. සුජීවාගේ පාදයකට වෙඩි උණ්ඩ 02ක් එල්ල වී ඇති අතර ඉන් බරපතළ හානියක් සිදු ව ඇති බවත් ඇයව සැත්කම් කිහිපයකට භාජනය කෙරුණු බව ද වාර්තා වුණා.

මේ වනවිට ඇය කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ දැඩි සත්කාර ඒකකය තුළ ප්‍රතිකාර ලබනවා.

මීට අමතර ව වෙඩි වැදීමෙන් ක්ලබ් වසන්තගේ බිරිඳ ද බරපතළ තුවාල සිදු වූ අතර ඇයගේ පපු ප්‍රදේශයට එම වෙඩි උණ්ඩ එල්ල වී තිබුණා.

ඇය ද මේ වනවිට හෝමාගම මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර වෛද්‍යවරු පවසන්නේ ඇයගේ තත්ත්වය තවමත් බරපතළ බවයි.

එමෙන්ම ටැටූ ආයතනයේ හිමිකරුගේ බිරිඳට ද වෙඩි ප්‍රහාරයක් එල්ල වූ අතර ඇය ද සැත්කමකට ලක් ව ප්‍රතිකාර ලබනවා.

කෙසේවෙතත් ටැටූ ආයතනයේ හිමිකරුට මෙම වෙඩි තැබීමෙන් කිසිදු හානියක් සිදු නොවූ අතර පොලිසිය විසින් සිදු කරන ලද දීර්ඝ සහ කඩිනම් විමර්ශනවලින් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගැනුණා.

ටැටූ ආයතනයේ හිමිකරු පසුව පොලිසිය හමුවේ පවසා තිබුණේ තමන්ට ක්ලබ් වසන්ත ඝාතනය කිරීමේ සැලැස්මක් ගැන දැනුම්දී නොතිබුණ ද, ආයතනය ගොඩනැගීමට ඩුබායි සිට ලක්ෂ 10ක මුදල් එව්වේ මෙරට ප්‍රබල අපරාධ කල්ලි නායක ”ලොකු පැටී’ බවත්; තම ආයතනය විවෘත කිරීමේ උත්සවයට ආරාධනා කළ යුතු ලැයිස්තුව සැකසුවේ ලොකු පැටී බව ද සැකකරු පාපොච්චාරණය කළා.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් 07 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර; වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ වැටී තිබූ වෙඩි උණ්ඩයක සටහන් කර තිබූ ‘KPI’ නමැති ඉංග්‍රීසි අකුරු තුන හේතුවෙන් මෙම ඝාතනය ප්‍රංශයේ සැඟව සිටින පාතාල කල්ලි නායක කංජිපානි ඉම්රාන්ගේ මෙහෙයවීමෙන් ලොකු පැටීගේ අනුදැනුම මත සිදු වූවක් බවටයි පොලිසිය සැක පළ කරන්නේ.

එමෙන්ම මෙය දෙපාර්ශ්වය අතර තිබූ පෞද්ගලික මුදල් ගනුදෙනුවක් හේතුවෙන් සිදු වූවක් විය හැකි බවට ද පොලිසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පුළුල් විමර්ශන ක්‍රියාත්මක අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56