විෂ රසායනික ද්‍රව්‍ය කිලෝ 500ක් විනාශයට පියවර (ඡායාරූප)

රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා කිලෝග්‍රෑම් 500ක් පමණ බරැති විෂ රසායනික ද්‍රව්‍ය තොගයක් මධ්‍යම පරිසර අධිකාරියේ නිර්දේශ මත, කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයෙන් විනාශ කිරීමට කටුනායක ඉන්සී එකෝ සයිකල් ආයතනය වෙත භාර දී තිබෙනවා.

ඊයේ (10) සවස කොළඹ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසිනුයි මෙම විෂ රසායනික ද්‍රව්‍යය තොගය භාරදීම සිදු කෙරුණේ.

කඩුවෙල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු විසින් විවෘත වෙළෙඳපොළෙන් මිල දී ගෙන, ඔහු විසින් නිෂ්පාදනය කර සහ තවත් ඇතැම් රසායනික ද්‍රව්‍ය ආනයනය කර ඔහුගේ ව්‍යාපාරික නාමයෙන් තොරව වෙනත් නම්වලින් ඇසුරුම් කර මෙම කල් ඉකුත් වූ රසායනික ද්‍රව්‍ය රජයේ පාසැල්, පෞද්ගලික පාසැල්, රජයේ විශ්වවිද්‍යාල, පෞද්ගලික විශ්වවිද්‍යාල, රසායනාගාර වෙත අලෙවි කරමින් සිටියදීයි මෙම වැටලීම සිදු කෙරුණේ.

කොළඹ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත ලැබුණු පැමිණිලි මත සැකකරුව අත්අඩංගුවට ගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

අධිකරණයෙන් ලද නියෝග මත මෙම කල් ඉකුත් වූ විෂ රසායනික ද්‍රව්‍ය තොගය මහ පොළවට හැලීමට සූදානම් වූ අවස්ථාවේ පසේ තිබෙන සාරවත්භාවයට, පී.එච්. අගයට ,බැර ලෝහ පසට එකතු වීමට ඇති අවස්ථාව, ජල මූලාශ්‍ර වෙත මෙම කල් ඉකුත් වූ විෂ රසායනික ද්‍රව්‍ය එකතු වීම, පසේ සිටිනා පෙනෙන නොපෙනෙන කුඩා ජීවීන් විනාශ වී යාමේ අවදානම සළකා බලා මධ්‍යම පරිසර අධිකාරියේ නිර්දේශ මත රජයේ සහ අන්තර්ජාතික ප්‍රමිතීන්ට සහ පිරිවිතරයන්ට අනුකූලව මෙම කල් ඉකුත් වූ විෂ රසායනික ද්‍රව්‍ය තොගය විනාශ කිරීම සඳහායි මෙය පෞද්ගලික ආයතනයකට භාර කෙරුණේ.

ඉන්සී එකෝ සයිකල් ආයතනය මෙම විෂ රසායනික ද්‍රව්‍ය තොගය මුළින්ම ද්‍රාවණයක් බවට පත් කර පසුව ඒවා ඝන අපද්‍රව්‍ය බවට පත් කර පුත්තලම, අරුවක්කාඩුව ප්‍රදේශයේ තිබෙන සිමෙන්ති නිෂ්පාදන කර්මාන්තශාලාවේ දහන උදුන වෙත යැවීමට පියවර ගන්නා බව එම ආයතනයේ ඉංජිනේරුවරයෙකු කියා සිටියා.

මෙම ආයතනය විසින් ශ්‍රී ලංකාව පුරා පිහිටි ප්‍රාදේශීය සභා, නගර සභාවලින් මාසිකව එකතු වන කැළි කසළ මෙට්‍රික් ටොන් 25,000 ක ප්‍රමාණය බැගින් භාරගෙන, පුත්තලම දහන උදුන වෙත යවා විනාශ කිරීමට ද පියවර ගන්නා බවයි පැවසෙන්නේ.

20240710 164340 scaled
20240710 175718 scaled
20240710 174550 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32