තැපැල් වර්ජනය අවසන්

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරන ලද පැය 48ක සංකේතාත්මක වර්ජනය අවසන් කර තිබෙනවා.

තැපැල් වෘත්තිය සමිති එකමුතුව විසින් මෙම වැඩ වර්ජනය ඊයේ (08) සිට ක්‍රියාත්මක කරනු ලැබුවා.

අද (09) දහවල් අග්‍රාමාත්‍ය අතිරේක ලේකම්වරයා සමග සාකච්ඡාවේ දී හෙතෙම එකඟ වී ඇත්තේ සේවක පුරප්පාඩු නිරාකරණය කිරීමට මැදිහත් වන බවයි.

එම අවස්ථාවේ දී තැපැල් වෘත්තීය සමිති පෙන්වා දී ඇත්තේ ඉදිරියේ දී මැතිවරණයක් පැවැත්වෙන හෙයින් සේවක පුරප්පාඩු සම ඡන්ද කටයුතු පමණක් සිදු කරගත හැකි බවත් සෙසු සේවා කිසිවක් සිදු කිරීමට හැකියාවක් නොමැති බවයි.

මේ තත්ත්වයට ගත හැකි පිළියම් සාකච්ඡා කිරීමට නොබෝ දිනකින් තවත් සාකච්ඡාවක් තැපැල් වෘත්තීය සමිති වෙත අග්‍රාමාත්‍ය අතිරේක ලේකම්වරයා විසින් ලබා දීමට ද පොරොන්දු වී ඇති බවත් වාර්තා වනවා.

ඒ අනුව හෙට (10) දිනයේ සිට සාමාන්‍ය පරිදි තැපැල් සේවය සිදු කෙරෙන අතර අද සවස 04 සිට මධ්‍යම තැපැල් හුවමාරුවේ කටයුතු ද සක්‍රීය වනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25