සුරේන්ද්‍ර වසන්ත ව ඝාතනයට මාස 03ක සිට පිඹුරුපත් ඇඳලා

Update :- මීට වසර 05කට පෙර එනම්; 2019 වර්ෂයේ දී පාතාල කල්ලි නායකයෙකු වූ මාකඳුරේ මධුෂ්, කංජිපානි ඉම්රාන් ඇතුළු පිරිසක් ඩුබායි හි දී පොලිස් අත්අඩංගුවට පත් වීමේ සිද්ධියට ‘ක්ලබ් වසන්ත’ සම්බන්ධ බවට මේ වනවිට (09) තොරතුරු අනාවරණය වෙමින් පවතින බව පොලිසිය පවසනවා.

මාකදුරේ මධූෂ් සතු රුපියල් කෝටි 100ක මුදලක් ද ක්ලබ් වසන්ත භාරයේ තිබූ බවටත්; එය අවස්ථා කිහිපයක දී කංජිපානි විසින් වසන්තගෙන් ඉල්ලා ඇති බවත්; නමුත් එම මුදල වසන්ත විසින් යළි ලබා දී නැති බව ද හෙළි ව තිබෙනවා.

මෙවන් තත්ත්වයක් මත මීට මාස කිහිපයකට පෙර නුවරඑළිය ප්‍රදේශයේ දී ක්ලබ් වසන්ත ඝාතනය කිරීමට සැලසුම් සකස් කළත් එය ද අසාර්ථක වී ඇති බවයි වාර්තා වන්නේ.

එවැනි පසුබිමක දී යි ක්ලබ් වසන්තට අතුරුගිරිය ප්‍රදේශයේ දී ඊයේ (08) වෙඩි තබා ඝාතනය කිරීමට පිටිය සකස් කර ඇති බවට අනාවරණය වී තිබෙන්නේ.

මෙම ඝාතනයට මාස 03ක කාලයක සිට සැලසුම් සකස් කර ඇති බව ද වාර්තා වනවා.

ඒ සඳහා බලපිටිය ප්‍රදේශයේ පදිංචි ටැටූ නිර්මාණය කිරීමට හැකියාවක් ඇති තරුණයෙකු සිය ඩුබායි සිටින මිතුරෙකුගේ මාර්ගයෙන් එහි ජීවත් වන තවත් අයෙකු සමග සමීප සබඳතා පවත්වා ඇති බවත්, තරුණයාට ටැටූ ගැසීමට හැකියාවක් තිබුණ ද ඊට අවශ්‍ය ආයතනයක් සකසා ගැනීමට තරම් වත්කමක් තිබී නැහැ.

එම අවස්ථාවේ දී ඩුබායි සිටින ඔහුගේ මිත්‍රයෙකු පවසා ඇත්තේ ටැටූ ආයතනයක් ඉදි කරගැනීමට තමන් මුදල් සපයන බවත්; ඒ වෙනුවෙන් ක්ලබ් වසන්තව ඝාතනය කිරීමට උදව් කරන ලෙසයි.

ඊට එකඟ ව මෙම තරුණයා විසින් රුපියල් ලක්ෂ 10ක මුදලක් සිය බැංකු ගිණුමට ගෙන්වා ගෙන ඇති බවත්; එහි ප්‍රතිඵලයක් ලෙස අදාළ ටැටූ ආයතනය විවෘත කිරීමේ අවස්ථාවට ඝාතනයට ඉලක්කගත තැනැත්තා වන ක්ලබ් වසන්තව ගෙන්වීමට ආරාධනා පත්‍රයක් යවා ඇත්තේ.

ඊට අමතර ව එම අවස්ථාවට තවත් ප්‍රසිද්ධ කලා ශිල්පීන්ට ද ආරාධනා කළ යුතු බවට ටැටූ කඩයේ හිමිකරුට උපදෙස් ලැබී ඇති බව ද වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
7
+1
15
+1
8
+1
10
+1
7
+1
21
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්ද ?රෝහල්වලටත් දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා..පද්ධතිය කඩා වැටෙයි ?
07:24
Video thumbnail
සලේගේ පාස්වර්ඩ් එක ලබාගත්තා ද..?
03:13
Video thumbnail
ඔයා මට අණ කරන්න ඕනේ නෑ - අර්චුනා, කථානායකගේ හොඳටම අහගනී
01:31
Video thumbnail
ගොවියාට කසිප්පුකාරයා කියන දේශපාලනයෙන් එළියට එන්න
05:23
Video thumbnail
ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන්ව බියට පත් කළ අලියා
00:55
Video thumbnail
හෂීෂ් මත්ද්‍රව්‍ය සමඟ 18 හැවිරිදි තරුණියක් ගුවන්තොටේ දී කොටුවෙයි
01:27
Video thumbnail
හිතපු නැති විදිහට ඩෙංගු පැතිරෙනවා - පාලනය කරගන්න බැරුව ඉන්නේ
10:57
Video thumbnail
දයාසිරි උදෙන්ම කථානයාක එක්ක ගේම ඉල්ලයි
00:59
Video thumbnail
ඩ්‍රයිවර්ට එකපාරටම ෆිට්ස් හැදිලා ලංගම බස් රථය මුහුණ දුන් බිහිසුණු අනතුර
02:04
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00