කොළඹට පුළුවන් නම් යාපනයට බැරි ඇයි ?

එල්.ටී.ටී.ඊ. සංවිධානය ප්‍රවර්ධනය සඳහා අනුබල දීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් යාපනය නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් මහතාව ඊයේ (09) ඇප මත නිදහස් කෙරුණි.

ඒ යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවය.

යාපනය මහනගර සභාව මීට දින කිහිපයකට පෙර පුද්ගලයන් පස් දෙනෙකු තාවකාලික පදනම මත සේවයට බඳවාගෙන තිබුණේ ඔවුන්ට විශේෂ නිල ඇඳුමක්ද ලබාදෙමිනි.

පරිසර රාජකාරී සඳහා මොවුන් සේවයට බඳවාගත් බව යාපනය නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් මහතා පැවසුවද එම පිරිස නගරයේ රථ වාහන හසුරුවන ආකාරය ද දැක ගැනීමට හැකිවුණි.

එල්ල වූ තවත් චෝදනාවක් වන්නේ මෙම නව සේවකයන්ගේ නිල ඇඳුම එවක එල්.ටී.ටී.ඊ. පොලීසිය භාවිත කළ නිල ඇඳුමට සමාන බවය.

යාපනය පොලීසිය මේ පිළිබඳ විමර්ශනයක් සිදුකළ අතර එල්.ටී.ටී.ඊ. නිල ඇඳුම් හා ලකුණු ප්‍රවර්ධනය කිරීමේ චෝදනාව මත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ යාපනය නගරාධිපතිවරයා ඊයේ අලුයම අත්අඩංගුවට ගැනුණි.

අනතුරුව ඔහු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත භාරදීමෙන් පසු ඊයේ පස්වරුවේ යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණි.

සැකකාර නගරාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නිතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතාය.

එහිදී යාපනය මහේස්ත්‍රාත් පීටර් පෝල් මහතා නගරාධිපතිවරයාට අවවාදකර ඇත්තේ නීතිය දැන, නීතිය කඩකිරීම සුදුසු නොවන බවය.

එමෙන්ම මතභේදයට තුඩු දී ඇති සේවකයින් එම රාජකාරීවලින් ඉවත්කර ඇති බවට දැනුම් දීමක් පොලීසියට සිදුකර ඇත්දැයි මහෙස්ත්‍රාත්වරයා පොලීසියෙන් විමසා සිටියේ ය.

එවැනි දැනුම් දීමක් සිදුකර නොමැති බව මෙහිදී පොලීසිය අධිකරණයට ප්‍රකාශකර තිබුණි. 

කෙසේවෙතත් දෙපාර්ශ්වයෙන්ම ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා, සැකකාර නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් මහතා රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදා හැරීමට නියෝග කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා,

“එල්ටීටීඊ පොලීසියේ ඇඳුමක් වගේ කියන එක, මොන නිල් පාට ඇඳුමක් දැක්කත් පොලීසිය බය වෙන එක මිසක් වෙන කිසිම අපරාධයක් කරලා නෑ. කියන එක මම මහෙස්ත්‍රාත්තුමාට ප්‍රකාශ කළා. ඒ මොකද පොදුවේ පිරිමි පාර්ශ්වය වැඩිපුරම අඳින්නේ නිල් පාට. කාකි ඇදුමක් ඇන්දොත් පොලිසියේ ඇඳුම ඇන්ද කියල චෝදනා කරන්න පුළුවන්. මහෙස්ත්‍රාත්වරයා පොලීසියෙන් අහල තිබුණා එල්ටීටීඊ ලාංඡනය මෙයාලගේ නිල ඇඳුමේ තිබුණද කියලා. ඒ වෙලාවේ පොලීසිය නැහැ කියලා කිව්වා. ඒකට අපි පිළිතුරු දුන්නා එයාලගේ ඇඳුමේ තිබ්බේ යාපනය මහනගර සභාවේ ලාංඡනය කියලා. ඒ නිසා වෙන කවුරුත් එයාලා වැරදි කියලා දකින්න අවස්ථාවක් නැහැ. මේක මහනගර සභාවේ නීතිමය පියවරක්, ඒ නීතිමය කටයුත්ත ක්‍රියාත්මක කරන්නේ නගරාධිපතිවරයා. කොළඹ මහනගර සභාවට කරන්න පුළුවන් නම්, ඇයි යාපනය මහනගර සභාවට කරන්න බැරි?” 

ඇප ලැබීමෙන් පසු අධිකරණ භූමියේදී අදහස් දැක්වූ යාපනයේ නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් මහතා ප්‍රකාශ කළේ,

“මේක යාපනයේ මහනගර සභාවේ කටයුතුවලට පොලීසිය තර්ජනය කරපු අසුබ දවසක්. මහනගර සභාවේ ස්වාධීන කටයුතු වලට අත ගහන්න පොලීසියට අයිතියක් නෑ. රාජ්‍ය නිලධාරින්ගේ කටයුතුවලට පොලීසිය අනවශ්‍ය විදිහට බාධා කරනවා කියලයි මම විශ්වාස කරන්නේ. මේ සම්බන්ධව අවශ්‍ය හැම තැනකටම ගොස් නීතිමය කටයුතු කරන්න මම සූදානමින් ඉන්නවා. මම යාපනය නගරය පිරිසිදුව තියාගන්න ගත්තු තීන්දුව වැරදි ද?  ඒ වගේම මම මේ නගරය පිරිසිදුව තියාගන්න ඕනි කියල හිතපු එක ත්‍රස්තවාදය කියලද මේ රටේ නීතියේ තියෙන්නේ?”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09