බ්‍රිතාන්‍යයට නව අගමැති මුහුණක් – ලාංකිකයින් 12කුත් මෙවර මැතිවරණයේ

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කම්කරු පක්ෂය වසර 14කට පසු විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගනු ඇතැයි පුරෝකථනය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

මේ වන විට ඡන්ද ගණන් කිරීම අඛණ්ඩව සිදුවෙමින් පවතින අතර දැනටමත් කම්කරු පක්ෂය නිල වශයෙන් බහුතර ආසන සංඛ්‍යාවක් ලබාගෙන තිබෙනවා.

ඒ අනුව වාර්තා පළවන්නේ කෙයර් ස්ටාමර්ගේ මධ්‍ය-වාම පක්ෂයට අතිවිශාල බහුතරයක් ලබාගනිමින් අගමැති ධුරය ලබාගැනීමට හැකියාව පවතිනවා.

ඒ වත්මන් අගමැති රිෂී සුනක් නියෝජනය කළ කන්සර්වේටිව්වරුන්ගේ දක්ෂිනාංශික ආණ්ඩුව පරාජයට පත් කරමින්.

“අපි ඒක කළා,” කෙයර් ස්ටාර්මර් ලන්ඩනයේ ටේට් මොඩර්න් කෞතුකාගාරයේ දී ආධාරකරුවන්ට ප්‍රකාශ කළා.

අද (05) අලුයම වනවිට කම්කරු පක්ෂය ආසන 650 න් 326 ක් දිනා ගෙන තිබුණා.

ඒ අනුව 2015 දී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට පිවිසි හිටපු ප්‍රධාන මානව හිමිකම් නීතිවේදියෙකු වන කෙයර් ස්ටාර්මර් බ්‍රිතාන්‍යයේ නව අගමැති බවට පත්වනු ඇති.

ඔහු මේ වනවිට 61 හැවිරිදි වියේ පසුවනවා.

2020 වසරේදී ජෙරමි කෝබින්ගෙන් පසු ඔහු පක්ෂ නායකත්වයට පත් කෙරුණා.

කෙයිර් ස්ටාමර්, බ්‍රිතාන්‍ය රාජකීය විමර්ශන සේවයේ ප්‍රධානියා සහ මහජන විමර්ශන අංශයේ අධ්‍යක්ෂ ධූරය ද දරා තිබෙන බව සඳහන්.

අග්‍රාමාත්‍ය රිෂී සුනක්ට විපක්ෂ නායක ධුරය හිමිවනු ඇති.

බ්‍රිතාන්‍යයේ දේශපාලන ධුර කාල සීමාව වසර පහක් වන අතර, 2019 වසරේ දෙසැම්බර් මාසයේ අවසන් වරට පැවති මහ මැතිවරණයෙන් කන්සර්වේටිව් පක්ෂය ජයගනු ලැබුවා.

මේ අතර වත්මන් අගමැති රිෂි සුනක්, සිය වසකට වැඩි කාලයක් තුළ කන්සර්වේටිව් පක්ෂය ඔවුන්ගේ නරකම ඡන්ද ප්‍රතිඵලය කරා රැගෙන ගිය නායකයා බවට පත්ව තිබෙනවා.

බ්‍රිතාන්‍යය ඡන්ද ගණන් කිරීමේ දිගු රාත්‍රියක් පහන් කරමින් ඇති අතර, මේ වන විටත් සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව පැහැදිලි ඉඟියක් ලැබී තිබෙනවා.

මේ අතර මෙවර බ්‍රිතාන්‍ය මහ මැතිවරණය සඳහා විවිධ පක්ෂ නියෝජනය කරමින් ශ්‍රී ලාංකික සම්භවයක් සහිත අපේක්ෂකයින් 12 දෙනෙක් ඉදිරිපත්ව සිටින බව එරට වෙසෙන ශ්‍රී ලාංකික මාධ්‍යවේදියකු වන ජනක අලහප්පෙරුම පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
5
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?