මත්ද්‍රව්‍ය කිලෝ 400 ක් ප‍්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ ජාවාරම්කරුවන් 13කට ඉන්දුනිසියානු අධිකරණය විසින් මරණ දඬුවම නියම කර ඇත. මොවුන් අතර ඉරාන යුවළක් සහ පාකිස්තානුවකු ද වේ. මෙම මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලියව වෙඩි තබා මරණ දඬුවම පමුණුවන ලෙස නියෝග වී තිබේ.කොවිඞ් වසංගතය මැද මොවුන් මත්ද්‍රව්‍ය පෙති බටහිර ජාවා ප‍්‍රදේශයට ප‍්‍රවාහනයකර ඇත.
මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ ප‍්‍රධානියා සලාරි රෂිද් නමැති ඉරාන ජාතිකයෙකි.ඔහුගේ බිරිය ද එම ජාවාරම සඳහා අත්අඩංගුවට ගෙන තිබිණි.මේ වසරේදී මත්ද්‍රව්‍ය ප‍්‍රවාහනය ගැන වැරදිකරුවන් වූ 30කට මරණ දඬුවම පමුණුවා තිබිණි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
18




