Indian Premier League

මහින්දානන්ද පහර දුන් බවට දැමූ පැමිණිල්ල රාජපක්ෂ ඉල්ලා අස්කරගනියි (වීඩියෝ)

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ තමන්ට පහර දුන් බවට, කොටුව පොලිස් ස්ථානය වෙත සිදුකළ පැමිණිල්ල ඔප්පු කරගත නොහැකි වීම හේතුවෙන්, එය ඉල්ලා අස්කර ගත් බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ පවසනවා.

දසත නිව්ස් සමඟ අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් තමන්ගෙන් සිදුකළ ඉල්ලීම ද මෙම තීරණයට බල පෑ බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පහර දුන් බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී
ගුණතිලක රාජපක්ෂ සහ ඔහුගේ පුත් නිලුපුල් රාජපක්ෂ කොටුව පොලීසියට පැමිණිලි කර
තිබුණා.

ගැටුම හේතුවෙන් පාදයට තුවාල සිදු වූ බව පවසමින් ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා රෝහල්ගත වූ අතර ඔහුගේ පාදයකට සැත්කමක් පවා සිදුකර තිබුණා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් එම ස්ථානයේ සිටි මන්ත්‍රීවරුන් සිව් දෙනෙකුගෙන් ද පොලීසිය ප්‍රකාශ සටහන් කර ගත්තා.

මේ අතරවාරයේ මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කළේ තමන්ට එරෙහි ව, අසත්‍ය ප්‍රකාශ
සිදු කිරීම සම්බන්ධයෙන් ගුණතිලක රාජපක්ෂට එරෙහිව වන්දි ඉල්ලා නඩු පවරන බවයි.

මෙවැනි වටාපිටාවක් තුළ ගුණතිලක රාජපක්ෂ මහතා, මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා තමන්ට
පහර දුන් බවට කළ පොලිස් පැමිණිල්ල ඊයේ (01) දිනයේ ඉල්ලා අස්කරගෙන තිබෙනවා.

දසත නිව්ස් කළ විමසීමක දී මන්ත්‍රීවරයා සඳහන් කළේ මෙම ප්‍රශ්නය දුරදිග නොයවා බේරා ගැනීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් ෆයර් වෙයි - ආණ්ඩුවට සැර වෙයි
07:13
Video thumbnail
සුබ ගමන් සසුනිසුරාණෙනී - සුදතුම් පියාණන්ගේ අවමංගල්‍ය චාරිත්‍ර සිදුකරන්නේ මෙහෙමයි
31:30
Video thumbnail
බලංගොඩ කස්සප හිමිගෙන් ආණ්ඩුවට රතු එළියක්
11:46
Video thumbnail
දිලීත්ගේ මුළු මූණම අද රතු වෙලා...මොකද මේ මළ පැනලා
10:54
Video thumbnail
අනේ අපේ ජනාධිපතිතුමාට අනේකවාරයක් පිං !
04:43
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම ලක්මාලි හේමචන්ද්‍ර සහ හිටපු පා.ම මහාචාර්ය ආශු මාරසිංහ සහභාගීවන කස්තිරම
01:34:40
Video thumbnail
ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහය පිළිබද අවසන් කටයුතු අදයි
01:50
Video thumbnail
🔴මෙන්න දැන් ලැබුණු උණුසුම් පුවත - හීනටියන ගමම දෙවනත් කරපු ගැස්සුනු කොකා....
01:07
Video thumbnail
‍රංජිත් හිනාවෙන්ම ආණ්ඩුවට දෙසපු සුපිරිම දෙසිල්ල
07:43
Video thumbnail
බිලියන ගාණක් මහජන මුදල් විනාශ කරලා - ගරා වැටුණු ජනාධිපති මන්දිරය
08:46

?