මහින්දානන්ද පහර දුන් බවට දැමූ පැමිණිල්ල රාජපක්ෂ ඉල්ලා අස්කරගනියි (වීඩියෝ)

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ තමන්ට පහර දුන් බවට, කොටුව පොලිස් ස්ථානය වෙත සිදුකළ පැමිණිල්ල ඔප්පු කරගත නොහැකි වීම හේතුවෙන්, එය ඉල්ලා අස්කර ගත් බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ පවසනවා.

දසත නිව්ස් සමඟ අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් තමන්ගෙන් සිදුකළ ඉල්ලීම ද මෙම තීරණයට බල පෑ බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පහර දුන් බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී
ගුණතිලක රාජපක්ෂ සහ ඔහුගේ පුත් නිලුපුල් රාජපක්ෂ කොටුව පොලීසියට පැමිණිලි කර
තිබුණා.

ගැටුම හේතුවෙන් පාදයට තුවාල සිදු වූ බව පවසමින් ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා රෝහල්ගත වූ අතර ඔහුගේ පාදයකට සැත්කමක් පවා සිදුකර තිබුණා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් එම ස්ථානයේ සිටි මන්ත්‍රීවරුන් සිව් දෙනෙකුගෙන් ද පොලීසිය ප්‍රකාශ සටහන් කර ගත්තා.

මේ අතරවාරයේ මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කළේ තමන්ට එරෙහි ව, අසත්‍ය ප්‍රකාශ
සිදු කිරීම සම්බන්ධයෙන් ගුණතිලක රාජපක්ෂට එරෙහිව වන්දි ඉල්ලා නඩු පවරන බවයි.

මෙවැනි වටාපිටාවක් තුළ ගුණතිලක රාජපක්ෂ මහතා, මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා තමන්ට
පහර දුන් බවට කළ පොලිස් පැමිණිල්ල ඊයේ (01) දිනයේ ඉල්ලා අස්කරගෙන තිබෙනවා.

දසත නිව්ස් කළ විමසීමක දී මන්ත්‍රීවරයා සඳහන් කළේ මෙම ප්‍රශ්නය දුරදිග නොයවා බේරා ගැනීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14