බය නැතුව එන්න – තායිවාන සංචාරකයින්ට චීනයෙන් ඇරයුම්

බොහෝ තායිවාන වැසියන්ට කනස්සල්ලෙන් තොරව චීනයට පැමිණිය හැකි බව චීන රජය පවසනවා.

“දරුණු” බෙදුම්වාදීන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කරන බවට බීජිං වෙතින් එල්ල වූ තර්ජනයට අනුව එහි සංචාරය නොකරන ලෙස තායිවානය තම පුරවැසියන්ට අනතුරු ඇඟවූවා.

තායිවාන ස්වාධීන බෙදුම්වාදීන්ට නඩු පැවරීමට සහ ආන්තික අවස්ථාවන්හි දී මරණීය දණ්ඩනය පැනවීමේ නීතිමය මාර්ගෝපදේශ චීනය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු අත්‍යවශ්‍ය නම් මිස චීනයේ සංචාරය නොකර ලෙස තායිවාන රජය පසුගිය සිකුරාදා සංචාරක අනතුරු ඇඟවීමක් නිකුත් කළා.

ප්‍රජාතන්ත්‍රවාදීව පාලනය වන තායිවානය චීනය සලකන්නේ තමන්ගේම භූමියක් ලෙසයි.

තායිවානය කරුණු නොසලකා හැර ඇති අතර දේශපාලන උපක්‍රමයක් ලෙස තමන්ගේම ජනතාව බිය ගැන්වීමට උත්සාහ කරන අතර ඊට දැඩි ලෙස විරුද්ධ බව චීනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.

“තායිවාන වැසියන්ගෙන් බහුතරයකට ප්‍රධාන භූමියට සහ ඉන් පිටතට ගමන් කිරීම ගැන කිසිදු කනස්සල්ලක් ඇති කර ගත යුතු නැත. ඔවුන්ට අතිශයින්ම උද්‍යෝගයෙන් පැමිණ හොඳින් පිටත්ව යා හැකියි.” චීන රජය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

තායිවානයේ සංචාරක අනතුරු ඇඟවීම චීනයේ හොංකොං සහ මැකාවු නගරවලට ද අදාළ වනවා.

චීන උසාවිවලට තායිවානයේ අධිකරණ බලයක් නොමැති අතර චීනය තම දේශසීමාවෙන් පිටත ඕනෑම නීතිමය විනිශ්චයක් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන්නේ කෙසේද යන්න පැහැදිලි නැතත්, ඔවුන් කොතැනක සිටියත් තායිවාන බෙදුම්වාදීන් ලෙස සලකන පුද්ගලයින් පසුපස හඹා යාමට චීනය ප්‍රතිඥා දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14