වෙන්නප්පුවේ හොර වැඩ ඇල්ලූ එරික් පෙරේරා ගෑවුනු තවත් පරීක්ෂණයක්

ඉකුත් සමයේ දැඩි කතා බහට ලක්වූ වත්මන් මීගමුවේ සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරාට අදාලව තවත් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ඒ, රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු විසින් සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා සම්බන්ධයෙන් අමාත්‍ය සරත් වීරසේකරට යවනු ලැබූ බව කියන ලිපියක් සමාජ මාධ්‍ය වෙත නිකුත් වීම සම්බන්ධයෙන්. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා විශේෂ විමර්ෂණ ඒකකය ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.

වෙන්නප්පුව ආශ්‍රීත ප්‍රදේශයේ නීතී විරෝධි මත්පැන්, සංවිධානාත්මක අපරාධ ඇතුලු විවිධ නීති විරෝධී කටයුතුවලට එරෙහිව සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා කටයුතු කළ බවටයි වාර්තා පල වුණේ. කෙසේවෙතත් සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරගේ සේවය දෝෂදර්ශණයට ලක් කරමින් ඔහුව ස්ථාන මාරු කරන ලෙස පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 6 දෙනෙකු ඉල්ලීම් කර තිබුණා. ඒ අනුවයි ඔහු කොළඹ අපරාධ කොට්ඨාශයට මාරු කරනු ලැබුවේ. පසුව ඔහු මීගමුවේ සහකාර පොලිස් අධිකාරීවරයා ලෙස යලි මාරු කෙරුණා.

එරික් පෙරේරාට ලබාදුන් ස්ථාන මාරුව පිටුපස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 6 දෙනෙකු සිටින බවට පළමු වරට වාර්තා කළේ නෙත් නිවුස් කණින් – කොණින් විශේෂාංගයයි‘. නෙත් එෆ් එම් බැලුම්ගල වැඩසටහනින්ද දේශපාලඥයින් විසින් රටේ නීතීයට කරන බලපෑම් පිළිබඳ අනාවරණ කළා.  

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09