CID අධ්‍යක්ෂකට ස්ථාන මාරුවක් – නව අධ්‍යක්ෂ SSP රොහාන් ප්‍රේමරත්න

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිිකාරී නිශාන්ත සොයියා මහතාව වහාම ක්‍රියාත්මක වන පිරිදි පොලිස් මූලස්ථානයේ අපරාධ කොට්ඨාශයට මාරුකර ඇත.

ඊට අදාල නියෝගය අද සවස පොලිස්පතිවරයා නිකුත්කර ඇත.

අලුත් අධ්‍යක්ෂ ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් ප්‍රේමරත්න මහතා පත්කර තිබෙනව.

මෙම පත් කිරීම් සේවා අවශ්‍යතා මත මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යංශයේ ලේකම්වරයාගේ අනුමැතියට යටත්ව සිදුකර ඇති බවද පොලිසිය සඳහන් කලා.