අවසන් මහ සටනට පිවිසීමට දකුණු අප්‍රිකාවට ඇෆ්ගනුන්ගෙන් පහසු ඉලක්කයක්

පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයේ තරගය අද (27) ආරම්භ වූ අතර; තරගය ජයග්‍රහණය කිරීමට ප්‍රතිවාදී දකුණු අප්‍රිකානු කණ්ඩායමට ඇෆ්ගනිස්තානයෙන් ලකුණු 56ක පහසු ඉලක්කයක් හිමි වුණා.

අද තරගය Tarouba ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූයේ කාසියේ වාසියේ ජය ඇෆ්ගන් නායක රෂීඩ් ඛාන් හට හිමිකර දෙමින්.

ලෝක කුසලානයක කුළුදුල් අවසන් පූර්ව වටයට පිවිසීමේ සතුට ද පෙරදැරි කරගනිමින් ඇෆ්ගනිස්තාන පිතිකරුවන් පළමුවට පන්දුවට පහරදීම සුදුසු බවට ඇෆ්ගන් නායකයා තීරණය කළ අතර; ඒ වෙනුවෙන් පළමු කඩුල්ල සඳහා පිටියට පිවිසියේ ආරම්භක පිතිකරු යුගල වශයෙන් Rahmanullah Gurbaz සමගින් Ibrahim Zadran යි.

ප්‍රවේගකාරී පිතිකරුවන් යුගලක් ලෙස සැලකෙන ගුර්බාස් සහ සද්‍රාන් හට මෙවර පිත්තෙන් සාර්ථක වීමට නම් දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් කිසිසේත් ම ඉඩක් ලබා දුන්නේ නැහැ.

ඒ අනුව පළමු කඩුල්ල පළමු පන්දුවාරය තුළ ම බිඳ දමන්නට දකුණු අප්‍රිකානු වේග පන්දු ක්‍රීඩක ජැන්සෙන් සමත් වුණා.

දකුණු අප්‍රිකා පන්දු බලඇණිය ඇෆ්ගනුන්ගේ පිතිකරුවන් ආ සැණින් යළිත් ක්‍රීඩාගාරයේ ප්‍රේක්ෂකයින් බවට පත් කරන්නට ඔවුන්ට වැඩි වේලා ගත වූයේ නැහැ.

පන්දුවාර 03ක් වන විට ද ලකුණු 20කට ඇෆ්ගන් කණ්ඩායමේ කඩුලු 04ක් බිඳ වැටී තිබුණා.

Azmatullah Omarzai ට පමණක් කණ්ඩායම වෙනුවෙන් යාන්තමින් ලකුණු 10ක් එක් කිරීමට හැකි වුව ද, සෙසු කිසිදු ඇෆ්ගන් ක්‍රීඩකයෙකුට ලකුණු 10 සීමාව ඉක්මවා යන්නට නොහැකි වූයේ දකුණු අප්‍රිකානු පන්දු බලඇණිය හමුවේ ඔවුන්ගේ ලකුණු පුවරුව දූරකථන අංක ලෙසින් දිස් වූ හෙයින්.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් කඩුලු බිඳ හෙලීමේ දී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ Tabraiz Shamsi ලකුණු 06කට කඩුලු 03ක් බිඳ දැමුවා.

මෙය ශම්සි ජාත්‍යන්තර පන්දුවාර 20 ක්‍රිකට් තරගයක දී ලබාගත් විශිෂ්ටතම පන්දු යැවීමයි.

මීට පෙර ඔහු ලකුණු 24කට කඩුලු 05ක් දවාගෙන තිබුණා.

Marco Jansen ලකුණු 16කට කඩුලු 03ක් ද, කඩුලු 02ක බැගින් Kagiso Rabada, Anrich Nortje නමින් ලියැවුණා.

ඒ අනුව ඇෆ්ගනිස්තාන කණ්ඩායම මෙවර ඔවුන් තරගාවලියේ ලැබූ අවම ලකුණු සංඛ්‍යාවට හිමිකම් කියමින් පන්දුවාර 11කුත් පන්දු 05ක් අවසානයේ දී සියලු දෙනා දැවී ලබා ගැනීමට සමත් වූයේ ලකුණු 56ක් පමණයි.

මෙම තරගය ජය ගැනීම දකුණු අප්‍රිකාවට පහසු ඉලක්කයක් ලෙස පෙනෙන අතර; ඒ සඳහා ඔවුන් හට පන්දු 120ක් හිමිව තිබෙන්නේ කඩුලු 10ක් ද සමගින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23