රිය අනතුරු සහ කෝවිඩ් වලකන පොලිස් මෙහෙයුම අද සිට

උත්සව සමයේ ඉහළ යා හැකි රිය අනතුරු සහ සාප්පු සවාරි යාමෙන් පැතිර යා හැකි කොවිඩ් රෝගය පාලනය කිරීම සඳහා මුළු දිවයිනම ආවරණය වන පරිදි විශේෂ පොලිස් මෙහෙයුමක් අද (10) දිනයේ සිට ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

 මේ සඳහා නිල ඇඳුමෙන් සැරසුණු සහ සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් ද යොදා ගැනීමට බලාපොරොත්තු වන බවයි ඔහු පවසා සිටියේ.

විශේෂයෙන්  මහජනයා බහුලව ගැවසෙන සාප්පු සංකීර්ණ අවට සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් යොදවා කොවිඩ් මර්දන රීති උල්ලංඝනය කරන පුද්ගලයින් නීතියේ රැහැනට හසුකර ගැනීමට බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

එම නිසා අවුරුදු සාප්පු සවාරියේ යෙදෙන පාරිභෝගිකයින් සඳහා කොවිඩ් මර්දනය සඳහා රජය විසින් පනවා ඇති සියලු විධික්‍රම භාවිත කිරීමේ පහසුකම් සපයා තබන ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඉල්ලා සිටින්නේ.

එමෙන්ම මුළු දිවයිනම ආවරණය වන පරිදි රිය අනතුරු වැළැක්වීමේ විශේෂ මෙහෙයුමක් ද අද (10) දින සිට ක්‍රියාත්මක වනවා.

මෙම මෙහෙයුමේ දී විශේෂයෙන්ම බීමත් රිය ධාවනය, ජංගම දුරකථනය භාවිත කරමින් රිය ධාවනය, සහ නොසැලකිලිමත් ලෙස රිය ධාවනය යන කාරණා කෙරෙහි වැඩි අවධානයක් යොමුකර එවැනි රියදුරන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනු ඇති. මෙරට රිය අනතුරු කැලැන්ඩරයේ වැඩිම රිය අනතුරු සිදුවන අප්‍රේල් මාසය තුළ අනතුරු අවම කර ගැනීමේ අරමුණෙන් සියලු දෙනා කටයුතු කළ යුතු බවත් එළඹෙන උත්සව සමයේ කොවිඩ් රෝගයේ වින්දිතයකු බවට පත් නොවීමට සැමදෙනාම වගබලා ගත යුතු බවත් පොලිස් මාධ්‍ය  ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09