චීන කොරෝනා එන්නතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියකින් තොරව චීනයේ නිෂ්පාදිත සිනොෆාම් කොරෝනා මර්දන එන්නත මෙරට භාවිත කිරීම අත්හිටුවන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට අද මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කෙරුණා.

ඒ, රෝගීන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ පෙරමුණේ සභාපති ලුවිස් බෙනඩික් ඇතුළු තුන්දෙනෙකු විසින්.

සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය අසිත ද සිල්වා ඇතුළු 24 දෙනෙකු එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.

සිනොෆාම් එන්නතට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය නිසි පරිදි ලැබී නොමැති බව පෙන්වා දෙන පෙත්සම්කාර පාර්ශවය අනුමැතියකින් තොරව මෙම එන්නත භාවිතයට ගැනීමෙන් දැඩි අගතියක් සිදුවිය හැකි බවයි වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

මේ අතර, අද දිනයේදීත් කොරෝනා ආසාදිතයින් 112 දෙනෙකු මෙරටින් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා. අද දිනයේදීත් කොරෝනා ආසාදනය වී සිටි පුද්ගලයින් 228 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගිත අතර, සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 91,272ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09