logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

අමෙරිකාවේ ළාබාලතම උපාධිධාරියා ඉන්දීය සම්භවයක් සහිත ශිෂ්‍යයෙක්

අමෙරිකානු අධ්‍යාපන ඉතිහාසයේ බිහි වූ ළාබාලතම උපාධිධාරියා බවට ඉන්දීය සම්භවයක් සහිත ශිෂ්‍යයෙකු තේරී පත් ව තිබෙනවා.

මෙම ශිෂ්‍යයා 12 හැවිරිදි වියෙහි පසුවන දරුවෙකු බවත්; ඔහු නිව් යෝර්ක් හි මැල්වර්න් උසස් පාසලෙන් සිය පළමු කඩයිම් උපාධිය ලබා තිබෙනවා.

ඉන් අනතුරුව නිව්යෝර්ක් විශ්ව විද්‍යාලයේ (NYU) ගණිතය සහ භෞතික විද්‍යාව විශේෂවේදී උපාධියට අධ්‍යයන කටයුතු ද සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

Suborno Isaac Bari නමැති මෙම දරුවා ලෝන්ග් අයිලන්ඩ් උසස් පාසලෙන් උපාධිය ලබා ගත් ළාබාලතම ශිෂ්‍යයා ලෙසයි ඉතිහාසගත වන්නේ.

මෙම දරුවාගේ දක්ෂතාව වෙනුවෙන් නිව් යෝර්ක් විශ්වවිද්‍යාලයෙන් ශිෂ්‍යත්වයක් ද පිරිනමා තිබෙනවා.

සුබෝර්නෝ ශිෂ්‍යයා සිය නිල ෆේස්බුක් හි සටහනක් තබමින් තම ජයග්‍රහණ පිළිබඳ ව සිය දෙමාපියන්ට ස්තුතිය පුද කර ඇති බවත් සඳහන්.

ඔහු පවසන්නේ මෙවැන්නක්;

” “At 12 years of age, I’m in Grade 12 at Malverne High School. Next month is my graduation. Today, we had a graduation Rehearsal at Malverne High School. I will be the first American (from Indian Subcontinent) who will be graduating from High School at 12 years old,” යනුවෙන් එහි සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
3
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?