අපේක්ෂා රෝහලේ ළමා වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් ප්‍රගතිය සොයා බැලේ (ඡායාරූප)

මහරගම අපේක්ෂා රෝහලේ නව සිව් මහල් ළමා වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් ප්‍රගතිය පිළිබඳ ව සොයා බැලීමට ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක සාගල රත්නායක ගොස් තිබෙනවා.

ඊයේ (20) මෙම නිරීක්ෂණ චාරිකාවට එක් වූ සාගල රත්නායක ව පිළිගත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ යි.

ජාතික ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරන සාගල රත්නායක මහතා ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙම නිරීක්ෂණ චාරිකාවේ යෙදී තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය රුහුණු මහා කතරගම දේවාලයේ අනුග්‍රහයෙන් සිදු කෙරෙන අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පූර්ණ ශ්‍රම දායකත්වය ඊට ලබාදෙනු ඇති.

මහරගම අපේක්ෂා රෝහලේ දැනට පවතින ළමා රෝග වාට්ටු තුළ ළමුන් සඳහා පවතින දැඩි ඉඩකඩ මදිකම හේතුවෙන් මෙම නව ළමා වාට්ටු සංකීර්ණයේ අවශ්‍යතාවය මතු ව තිබෙනවා.

මෙම හදිසි අවශ්‍යතාවට ප්‍රතිචාර දක්වමින් රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා විසින් නව සිව්මහල් ගොඩනැගිල්ල ඉදිකිරීමේ කටයුතු ආරම්භ කළේ පසුගිය වසරේ (2023) සැප්තැම්බර් 21 වැනි දින යි.

මහල් තුනකින් යුත් සංකීර්ණයක් ලෙස සැලසුම් කර තිබූ මෙම ව්‍යාපෘතිය ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වය හේතුවෙන් මහල් හතරකින් යුත් සංකීර්ණයක් දක්වා ව්‍යාප්ත කෙරුණා.

නව වාට්ටු සංකීර්ණය ඉදිකිරීමට අමතර ව ළමා උද්‍යානයක් සංවර්ධනය කිරීම සහ දැනට පවතින ළමා වාට්ටු සංකීර්ණය අලුත්වැඩියා කිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීම ද ගුවන් හමුදාව විසින් සිදු කරනු ලබනවා.

WhatsApp Image 2024 06 21 at 09.03.52 1
WhatsApp Image 2024 06 21 at 09.03.51 2
WhatsApp Image 2024 06 21 at 09.03.49 2
WhatsApp Image 2024 06 21 at 09.03.48 1
WhatsApp Image 2024 06 21 at 09.03.50 2
WhatsApp Image 2024 06 21 at 09.03.51 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දරුවන් දෙදෙනෙක් දියේ ගිලී අතුරුදන්
03:00
Video thumbnail
රනිල්ගේ ඇත්ත නැත්ත හෙළිකරන්න පිල්ලෙයාන් කටඅරී
26:36
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන මන්නාරම ජන රැලිය සජීවීව
01:54:56
Video thumbnail
ගාල්ල යක්කලමුල්ල අනතුරේ සජීවී දර්ශන
04:02
Video thumbnail
මරික්කාර් දුම්මල වරම අතට ගනියි - කරපු සැර කතාවට සභාවම නිහඬයි
15:29
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41

?