අපේක්ෂා රෝහලේ ළමා වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් ප්‍රගතිය සොයා බැලේ (ඡායාරූප)

මහරගම අපේක්ෂා රෝහලේ නව සිව් මහල් ළමා වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් ප්‍රගතිය පිළිබඳ ව සොයා බැලීමට ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක සාගල රත්නායක ගොස් තිබෙනවා.

ඊයේ (20) මෙම නිරීක්ෂණ චාරිකාවට එක් වූ සාගල රත්නායක ව පිළිගත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ යි.

ජාතික ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරන සාගල රත්නායක මහතා ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙම නිරීක්ෂණ චාරිකාවේ යෙදී තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය රුහුණු මහා කතරගම දේවාලයේ අනුග්‍රහයෙන් සිදු කෙරෙන අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පූර්ණ ශ්‍රම දායකත්වය ඊට ලබාදෙනු ඇති.

මහරගම අපේක්ෂා රෝහලේ දැනට පවතින ළමා රෝග වාට්ටු තුළ ළමුන් සඳහා පවතින දැඩි ඉඩකඩ මදිකම හේතුවෙන් මෙම නව ළමා වාට්ටු සංකීර්ණයේ අවශ්‍යතාවය මතු ව තිබෙනවා.

මෙම හදිසි අවශ්‍යතාවට ප්‍රතිචාර දක්වමින් රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා විසින් නව සිව්මහල් ගොඩනැගිල්ල ඉදිකිරීමේ කටයුතු ආරම්භ කළේ පසුගිය වසරේ (2023) සැප්තැම්බර් 21 වැනි දින යි.

මහල් තුනකින් යුත් සංකීර්ණයක් ලෙස සැලසුම් කර තිබූ මෙම ව්‍යාපෘතිය ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වය හේතුවෙන් මහල් හතරකින් යුත් සංකීර්ණයක් දක්වා ව්‍යාප්ත කෙරුණා.

නව වාට්ටු සංකීර්ණය ඉදිකිරීමට අමතර ව ළමා උද්‍යානයක් සංවර්ධනය කිරීම සහ දැනට පවතින ළමා වාට්ටු සංකීර්ණය අලුත්වැඩියා කිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීම ද ගුවන් හමුදාව විසින් සිදු කරනු ලබනවා.

WhatsApp Image 2024 06 21 at 09.03.52 1
WhatsApp Image 2024 06 21 at 09.03.51 2
WhatsApp Image 2024 06 21 at 09.03.49 2
WhatsApp Image 2024 06 21 at 09.03.48 1
WhatsApp Image 2024 06 21 at 09.03.50 2
WhatsApp Image 2024 06 21 at 09.03.51 3


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07
Video thumbnail
අනේ දෙයියනේ..අද ජාතියේ මුරදේවතාවන්ට ග#න ගැ#හිල්ල - සිවුරට අත තියනවනම් සියපාරක් හිතන්න ඕනි
03:09
Video thumbnail
චීවරය ගැන කට ඇරිය රාජිත - බුදුහාමුදුරුවෝ ගියේ නෑ රාජමාළිගාවලට..විලිලැජ්ජා නැති කතාද මේ
05:21
Video thumbnail
රාජ්‍ය බැංකුවේ මුදල් පෞද්ගලික ගිණුමට දාගත්ත පුද්ගලයට වසර 35ක සිරදඬුවම්
02:20
Video thumbnail
මහ රෑ නිවසට කඩා පැන්න අලියා කරපු දේ - පලයන් අප්පච්චි මගේ..පලයන් - හොඳ දෙයියනේ..
03:51