ඉන්දීය විදේශ කටයුතු ඇමති දිවයිනට – සිව්දෙනෙකුගෙන් යුත් දූත පිරිසකුත් ඒ අතර

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්.ජෙයශංකර් දිවයිනට පැමිණ තිබෙනවා.

අද (20) උදෑසන එක්දින නිල සංචාරයක් සඳහායි කටුනායක ගුවන් තොටුපොළ වෙත විදේශ කටයුතු අමාත්‍යවරයා පැමිණියේ.

ජෙයශංකර් මහතා අද උදෑසන 09.35 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ඉන්දීය ගුවන් හමුදාවට අයත් අයි.එෆ්.සී.- 32 දරන විශේෂ ගුවන් යානයකින් මෙරටට පැමිණියා.

ඉන්දීය විදේශ අමාත්‍යවරයා සමග එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් සිව් දෙනෙකු ද දූත පිරිස ලෙස පැමිණ බවයි වාර්තා වන්නේ.

ඔවුන් පැමිණි ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ අතිවිශේෂ අමුත්තන්ගේ මැදිරිය ආසන්නයෙහි නවතා විශේෂ රථ පෙරහැරකින් කොළඹ බලා පිටත් ව ගිය බවත් සඳහන්.

ආචාර්ය ජෙයශංකර් ඇතුළු දූත පිරිස අද දින සවස 06.35 ට ඔවුන් පැමිණි ගුවන් යානයෙන් ම ආපසු ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත් ව යාමට නියමිත බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළා.

එළඹෙන අගෝස්තු මාසයේ දී මෙරට නිල සංචාරයකට එක් වීමට නියමිත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පැමිණීමට පෙරයි මෙලෙස ඉන්දීය විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ.

දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරන පරිදි ජයිශංකර් මෙරටට පැමිණෙන්නේ ඉන්දු – ශ්‍රී ලංකා දෙරට අතර ඇති ද්විපාර්ශ්වීය ගනුදෙනු සහ ව්‍යාපෘති සම්බන්ධයෙන් වන සමාලෝචනයක් සිදු කිරීම සඳහා යි.

ඉන්දියාවේ පසුගියදා පැවති මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව එරට අමාත්‍යවරයෙක් ශ්‍රී ලංකාවේ කරන පළමු නිල සංචාරය ද මෙය වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56