රිය අනතුරු දෙකක් – දෙදෙනෙක් රෝහලේ (ඡායාරූප)

අද (19) උදෑසන දිවයිනේ ප්‍රදේශ දෙකක වාර්තා වන පරිදි මාරක රිය අනතුරු දෙකක් සිදු ව තිබෙනවා.

ඉන් එකක් සිදුව ඇත්තේ හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ කුයිල්වත්ත ප්‍රදේශයේ අලුයම 5.15 ට පමණ යි.

එකම පවුලේ පිරිසක් ගමන් ගත් මෝටර් රථයක් රියදුරුට නින්ද යාම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු ව තිබෙනවා.

හොරණ සිට නුවරඑළිය දක්වා මෙම රථය ධාවනය වී ඇති බවයි වාර්තා වන්නේ.

රියදුරුට නින්ද යාම හේතුවෙන් රථය මාර්ගයෙන් ඉවතට විසි වී තේ වත්තකට පෙරළී ගොස් තිබෙනවා.

අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදු වී නැහැ.

නමුත් මෙම අනතුරින් මෝටර් රථයට බරපතළ හානි සිදු ව තිබෙනවා.

මේ අතර මින්නේරිය – හබරණ ප්‍රධාන මාර්ගයේ මින්නේරිය බටුඔය පාලම මත දී ද අද උදෑසන මෝටර් රථයක් හා මගී ප්‍රවාහන බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරකින් මෝටර් රථයේ ගමන් ගත් දෙදෙනෙකු තුවාල ලබා හිඟුරක්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

මෙම අනතුරින් තුවාල ලබා ඇත්තේ මෝටර් රථයේ ගමන් ගත් වයස අවුරුදු 05ක කුඩා දරුවෙකු හා තවත් කාන්තාවක්.

අද උදෑසන 6.30ට පමණ මෙම අනතුර සිදු ව ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථය හබරණ දෙස සිට මින්නේරිය දෙසට ධාවනය වෙමින් පැවත තිබෙනවා.

අනතුරට ලක් වූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථය කඳුරුවෙල සිට මහනුවර බලා ධාවනය වෙමිනුයි සිට ඇත්තේ.

අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ සිව්දෙනෙකු ගමන් කර තිබෙනවා.

බස් රථයේ සහ මෝටර් රථයේ රියදුරන්ගේ අපරික්ෂාකාරී සහ වේගවත් රිය ධාවනය අනතුරට හේතුව බවට හෙළි ව තිබෙනවා.

වැඩිදුර පරීක්ෂණ කටයුතු මින්නේරිය පොලීසිය සිදු කරනු ඇති.

1 5
4 1
5 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
1
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේගේ බිරිඳ කළ ප්‍රබල හෙළිදරව්ව - "මගේ බබාලා පස්සේ ඇවිත් කරදර කරන එක ඉතා අසාධාරණයි"
02:30
Video thumbnail
සලේගේ නෝනාගේ පස්සෙන් යන මේ අභිරහස් මනුස්සයා කවුද..?
07:44
Video thumbnail
අපිට නිවසක් දෙනකම් අපි මාරාන්තික උපවාසයක් කරනවා
02:45
Video thumbnail
ලාල්කාන්තලා, සරත්ලා තමයි කසිප්පුකාරයෝ, ගංජාකාරයෝ - රෙදි නැතුව යන්න ගමට වරෙල්ලා උඹලා
10:30
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16