ගාම්භීර්ට අද ඉන්ටර්වීව් එකක්

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා එකම අයදුම්කරු වන ගෞතම් ගාම්භීර් අද (18) දිනයේ සම්මුඛ පරීක්ෂණයකට මුහුණදීමට නියමිත බව වාර්තා වනවා.

ක්‍රිකට් උපදේශක කමිටුව විසින් ගාම්භීර්ව සම්මුඛ පරීක්ෂණයට ලක් කිරීමට නියමිත බවයි තොරතුරු වාර්තා වන්නේ.

ඒ, අනුව ක්‍රිකට් උපදේශක කමිටු සමාජිකයින් වන අශෝක් මල්හෝත්‍රා, ජටින් පරංජපේ සහ සුලක්ෂණ නායික් විසින් හිටපු ඉන්දීය ආරම්භක පිතිකරුවාව සම්මුඛ පරීක්ෂණයට ලක් කිරීමට නියමිතයි.

මේ අතර ගාම්භීර්ගේ ධූර කාලය 2027 අවසානය දක්වා පවතින අතර, ඔහුට අවශ්‍ය සහාය පුහුණු කාර්ය මණ්ඩලය තෝරාගැනීමට ද ඔහුට අවස්ථාව සළසා දී ඇති බව සඳහන්.

ඉන්දීය කණ්ඩායමේ වත්මන් පිතිකරණ පුහුණුකරු වික්‍රම් රතූර්, පන්දු යැවීමේ පුහුණුකරු පරාස් මාම්බ්‍රේ සහ පන්දු රැකීමේ පුහුණුකරු ටී දිලිප් සමඟ ගාම්භීර්ගේ දිගටම කටයුතු නොකරනු ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර නව ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයින්ගේ නම් ද නුදුරේදීම ප්‍රසිද්ධියට පත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02
Video thumbnail
අජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් - පැරදෙනවා කියලා බය හින්දා මේ කියවන්නේ
04:56
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42