ශ්‍රී ලංකාව තුළ ගෘහස්ත සිතියම් තාක්ෂණය හඳුන්වාදුන් පළමු අවස්ථාව සනිටුහන් කරමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ ගුවන්තොටුපල සහ ගුවන් සේවා සමාගමේ තොරතුරු තාක්ෂණ කණ්ඩායම් එක්ව Google Indoor Maps හෙවත් ගූගල් ගෘහස්ථ සිතියම හදුන්වා දීම බණ්ඩාරනායක ගුවන් තොටුපලේදී සිදු වුණා.
ගුවන් තොටුපළට පැමිණෙන්නෙකුට ඇපල් හා ඇන්ඩ්‍රොයිඩ් උපාංග, ස්මාර්ට් ජංගම දුරකථන සහ ටැබ් මගින් ගුවන් තොටුපළට පැමිණීමට පෙර සිටම තම ගමන් මාර්ගයන් සොයා ගැනීමේ පහසුව මෙන්ම ඔවුන්ගේ ගුවන් ගමන් දොරටුව, පර්යන්තය, ගමන් මලු ඉල්ලීම හා ටිකට්පත් කවුන්ටරය වෙත නියමිත වේලාවට යාමේ පහසුව මින් සැලසෙනවා.
පරිශීලකයින්ට වඩාත් පහසුවෙන් ඔවුන්ගේ මාර්ගය සොයා ගැනීම සඳහා හුරුපුරුදු ස්ථාන හඳුනාගැනීමේ නිරූපකය හෙවත් ‘Blue Dot’ ද මෙහි ඇතුලත් කර තිබීම විශේෂත්වයක්.
ඔන්ලයින් සිතියම්කරණ සේවාවන් ලොව පුරා මිලියන සංඛ්‍යාත පරිශීලකයින් පිරිසක් භාවිත කරන අතර මෙම පහසුකම මෙරට තුල ස්ථාපිත කිරීම මගින් ව්‍යාපාර ක්‍රියාවලීන් ශක්තිමත් කිරීමටත් හැකියාව හිමිවනවා.




