AFC Banner
Empty Ad
Empty Ad

රුපියල් 7500කට දුම්රිය ගේට්ටුව මුරකළ මුරකරු වන අලි පහරින් මරුට (වීඩියෝ)

හබරණ, පුවක්පිටිය ප්‍රදේශයේ දුම්රිය ගේට්ටු මුරකරුවෙක් ලෙස සේවයේ නියුතුව සිටි පුද්ගලයෙක් වන අලි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම පුද්ගලයා අද (16) අලුයම මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්ව ඇති අතර, ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හබරණ, පුවක්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි පී.කේ.සේදරමන් නැමැති අවුරුදු 69ක තිදරු පියෙක්.

මේ අතර හබරණ හුරුළු රක්ෂිතයේ සිටින වන අලින් නිරන්තරයෙන් තම ගම්මානයට කඩා වදින බවත්, එලෙස පැමිණෙන වන අලියෙකුගේ ප්‍රහාරයට මෙම පුද්ගලයා ලක්ව ඇති බවත් ප්‍රදේශවාසීන් සඳහන් කර සිටියා.

එමෙන්ම ගම්මාන ආවරණයවන පරිදි විදුලි වැටවල් ඉදිකර තිබුණ ද ඒවා නිසි ප්‍රමිතියකින් තොරව ඉදිකිරීම හේතුවෙන් වන අලි මෙලෙස ගම්වදින බවයි ප්‍රදේශවාසීන් වැඩිදුරටත් පැවසුවේ.

මෙලෙස අවාසනාවන්ත ලෙස වන අලි ප්‍රහාරයට ලක්ව ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයා රුපියල් 7500ක මාසික වැටුපකට දුම්රිය ගේට්ටු මුරකරුවෙක් ලෙස සේවය කළ අයෙක් බව සඳහන්.

.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
12
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?