රුපියල් 7500කට දුම්රිය ගේට්ටුව මුරකළ මුරකරු වන අලි පහරින් මරුට (වීඩියෝ)

හබරණ, පුවක්පිටිය ප්‍රදේශයේ දුම්රිය ගේට්ටු මුරකරුවෙක් ලෙස සේවයේ නියුතුව සිටි පුද්ගලයෙක් වන අලි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම පුද්ගලයා අද (16) අලුයම මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්ව ඇති අතර, ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හබරණ, පුවක්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි පී.කේ.සේදරමන් නැමැති අවුරුදු 69ක තිදරු පියෙක්.

මේ අතර හබරණ හුරුළු රක්ෂිතයේ සිටින වන අලින් නිරන්තරයෙන් තම ගම්මානයට කඩා වදින බවත්, එලෙස පැමිණෙන වන අලියෙකුගේ ප්‍රහාරයට මෙම පුද්ගලයා ලක්ව ඇති බවත් ප්‍රදේශවාසීන් සඳහන් කර සිටියා.

එමෙන්ම ගම්මාන ආවරණයවන පරිදි විදුලි වැටවල් ඉදිකර තිබුණ ද ඒවා නිසි ප්‍රමිතියකින් තොරව ඉදිකිරීම හේතුවෙන් වන අලි මෙලෙස ගම්වදින බවයි ප්‍රදේශවාසීන් වැඩිදුරටත් පැවසුවේ.

මෙලෙස අවාසනාවන්ත ලෙස වන අලි ප්‍රහාරයට ලක්ව ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයා රුපියල් 7500ක මාසික වැටුපකට දුම්රිය ගේට්ටු මුරකරුවෙක් ලෙස සේවය කළ අයෙක් බව සඳහන්.

.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ රන් පදක්කම රුමේෂ්ට - මහ වැස්සේ අපේ කොල්ලා ගැහුව ගේම
00:52
Video thumbnail
අවසරලත් පීටිකාවෙන් පිට මත්පැන් තබා සාදයක් පැවැත්වූ කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:28
Video thumbnail
මත්පෙති ජාවාරමට එරෙහිව ගමක් පාරට බහී
01:37
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ
01:50
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:21
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:07
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ
00:54
Video thumbnail
ඉන්ධන හා තාප බලාගාර මාෆියාවට යට වූ රජය සූර්ය බලශක්ති ව්‍යාපෘති විනාශ කරන්න හදනවා
05:33
Video thumbnail
පාර්ලිමේන්තුවේ විපක්ෂයේ පිරිසක් හොරෙන් ආණ්ඩුවට සහාය දෙනවා
04:01
Video thumbnail
නිමල් පෙරේරා නාමල්ට සල්ලි දුන්නානම් නිමල් වැරදිකාරයෙක්නේ - මහින්දගේ ගුණ වයපු SB දිසානායක
02:43