AFC Banner
Empty Ad
Empty Ad

ගණිකා මඩමක් වටලා කාන්තාවන් 05ක් අල්ලයි

ඉතා සූක්ෂ්ම ලෙස සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් ගණිකා මඩමක් පවත්වාගෙන ගිය කාන්තාවන් පස්දෙනෙකු පොලිසිය අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ හබරණ නගරයට ආසන්න ප්‍රදේශයකදීයි.

හබරණ පොලිස් විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදු කර ඇත්තේ.

වැටලීම සිදු කරන අවස්ථාවේ දී ගණිකා මඩම පවත්වාගෙන ගිය නිවසෙහි රැඳී සිටි කාන්තාවන් 05 දෙනෙකු මෙන් ම උපත් පාලන කොපු රැසක් ද සොයා ගැනුණා.

අද පෙරවරුවේ දී මෙම වැටලීම සිදු කර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකාරිනියන් වයස අවුරුදු 32 -42ක අතර පසුවන්නන්.

වැටලීම සිදු කරන විට එම ගණිකා මඩමට පැමිණ සිටි අවුරුදු 32ක් සහ 42ක් වන පිරිමි පුද්ගලයින් දෙදෙනකු ද පොලිස් අත්අඩංගුවට ගැනුණා.

අත්අඩංගුවට ගන්නා ලද සැකකාරියන් වයස අවුරුදු 30- 45ත් අතර වයසේ පසුවන කාන්තාවන් බවත් ඔවුන් හබරණ ,වවුනියාව,කුරුණෑගල ,කැකිරාව,ගල්නෑව ප්‍රදේශවල පදිංචි අය බවත් හෙළි ව තිබෙනවා.

අත්අඩංගුවට ගන්නා ලද සැකකාරියන් හෙට (15) දින හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
19
+1
1
+1
7
+1
1
+1
3
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?