ගණිකා මඩමක් වටලා කාන්තාවන් 05ක් අල්ලයි

ඉතා සූක්ෂ්ම ලෙස සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් ගණිකා මඩමක් පවත්වාගෙන ගිය කාන්තාවන් පස්දෙනෙකු පොලිසිය අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ හබරණ නගරයට ආසන්න ප්‍රදේශයකදීයි.

හබරණ පොලිස් විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදු කර ඇත්තේ.

වැටලීම සිදු කරන අවස්ථාවේ දී ගණිකා මඩම පවත්වාගෙන ගිය නිවසෙහි රැඳී සිටි කාන්තාවන් 05 දෙනෙකු මෙන් ම උපත් පාලන කොපු රැසක් ද සොයා ගැනුණා.

අද පෙරවරුවේ දී මෙම වැටලීම සිදු කර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකාරිනියන් වයස අවුරුදු 32 -42ක අතර පසුවන්නන්.

වැටලීම සිදු කරන විට එම ගණිකා මඩමට පැමිණ සිටි අවුරුදු 32ක් සහ 42ක් වන පිරිමි පුද්ගලයින් දෙදෙනකු ද පොලිස් අත්අඩංගුවට ගැනුණා.

අත්අඩංගුවට ගන්නා ලද සැකකාරියන් වයස අවුරුදු 30- 45ත් අතර වයසේ පසුවන කාන්තාවන් බවත් ඔවුන් හබරණ ,වවුනියාව,කුරුණෑගල ,කැකිරාව,ගල්නෑව ප්‍රදේශවල පදිංචි අය බවත් හෙළි ව තිබෙනවා.

අත්අඩංගුවට ගන්නා ලද සැකකාරියන් හෙට (15) දින හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත යි.

  1. අලි රිංගන කපොලු තියෙද්දී කුබි රිංගන හිල් වහන්න යනවා… සාගතේ ඉහ වහගෙන.. උනුත් ජීවත්වෙන්න එපාද

  2. එක්කො මෙක නිති ගත කරපල්ලා. බොරු සොබන නතිව.මේවා ඔනෙ තරම් ලංකාව පුරාම තතියනවා.රජකාලෙ අන්තප්පුර ඔනෙ තරම් තිබිල තියෙනවා .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14