රෝගීන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම වෙනුවෙන් කෙටුම්පතක්

රෝගීන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම තහවුරු කිරීමේ ප්‍රඥප්තියේ අවසන් කෙටුම්පත ඉදිරිපත් කර තිබෙනවා.

මෙම කෙටුම්පත පසුගියදා (06) කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී සිදු කෙරුණා.

අදාළ අවසන් කෙටුම්පත සෞඛ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මගින් පත් කළ අනුකාරක සභාවේ සභාපති (වෛද්‍ය) උපුල් ගලප්පත්ති විසින් සෞඛ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති මයන්ත දිසානායක වෙත පිළිගන්වනු ලැබුවා.

දකුණු ආසියානු කලාපයේ රෝගීන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම තහවුරු කිරීම සඳහා සකස් කළ පළමු ප්‍රඥප්තිය මෙය බවයි සෞඛ්‍යය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පැවසුවේ.

මෙම අවස්ථාව සමගින් සෞඛ්‍ය සහ කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ඇතුළු පිරිසක් එක් ව සිටියා.

මෙකී අවසන් කෙටුම්පත සෞඛ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනු කමිටුව සහ එහි විද්වත් මණ්ඩලය විසින් ලෝක සෞඛ්‍යය සංවිධානයේ උපදෙස් හා මගපෙන්වීම මත සකස් කර තිබෙනවා.

ඒ අනුව මෙම ප්‍රඥප්තිය දකුණු ආසියානු කලාපයේ රෝගීන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම තහවුරු කිරීම සඳහා සකස් කළ පළමු ප්‍රඥප්තිය ලෙසටයි පිළිගැනෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48