ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වන වාරිකය අනුමත වෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී විස්තීරණ ණය මුදලේ තෙවන වාරිකය ඊයේ (12) අනුමත වී තිබෙනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ප්‍රදානය කරන අමෙරිකානු ඩොලර් මිලියන 336ක මුදල ශ්‍රී ලංකාවට හිමිවීම සඳහා වූ අනුමැතිය ඊයේ දින ලැබුණු බවයි.

2023 වසරේ දෙසැම්බර් මාසය වන විට ශ්‍රී ලංකාව නියමිත ඉලක්ක සපුරා තිබූ බැවින් මෙම ණය මුදලේ තෙවන වාරිකය අනුමත වූ බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

රටට ලැබෙන හැම මුදලක් ම ඉතාමත් සැලැසුම්සහගතව වියදම් කිරීමට අවශ්‍ය වාතාවරණය සකසා ඇති බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර IMF විසින් අනුමත කරන ලද මෙම ණය මුදල සම්බන්ධයෙන් විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි ද සිය නිල X (ට්විටර්) ගිණුමෙහි සටහනක් තබමින් පවසා ඇත්තේ මෙම ජයග්‍රහණය ආර්ථික ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙනයාමට සහ සියලුම ශ්‍රී ලාංකිකයින්ට සමෘද්ධිමත් අනාගතයක් සුරක්ෂිත කිරීමට මනා රුකුලක් වනු ඇති බවයි.

මෙය රට ම ආර්ථිකමය වශයෙන් ලද විශිෂ්ට ජයග්‍රහණයක් බවත් විදේශ අමාත්‍යවරයා සඳහන් කරනවා.

මෙම මුල්‍ය ප්‍රතිපාදන අනුමත වීම ඉදිරියේ දී රටේ ආර්ථික ප්‍රතිසංස්කරණ උදෙසා ප්‍රයෝජනයක් වනු ඇතැයි ද අමාත්‍යවරයා තැබූ X සටහනේ ඇතුළත්.

ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ඉදිරිපත් කළ ප්‍රතිසංස්කරණ නිසි පරිදි ක්‍රියාත්මක කිරීම අතින් ශ්‍රී ලංකාව ඉදිරියෙන් පසු වන බව පසුගියද වසර අවසානයේ දී (ඔක්තෝබර් 24) ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ප්‍රකාශ කළා.

එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්තී සුබ්‍රමනියම් මහතා පෙන්වා දෙන්නේ එම කැපවීම ශ්‍රී ලංකාවට තවදුරටත් සහයෝගය ලබාදීම සඳහා හේතුවක් වන බවයි.

ඒ හේතුවෙන් මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳ ව ජාත්‍යන්තරය තුළ පැවතියේ යහපත් ප්‍රතිචාරයක්.

මෙම ක්‍රියාවලියේ දී ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සහ ඊට ඉන්දියාව ඇතුළු සෙසු රටවල් ලබාදෙන සහයෝගය ද පසුගියදා ඇගයීමට ලක් වුණා.

එවන් පසුබිමකදියි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබාදෙනු ලබන ණය මුදලේ දෙවැනි අදියර සමාලෝචනයේ දී තෙවැනි ණය වාරිකය අනුමත වී ඇත්තේ.

WhatsApp Image 2024 06 13 at 07.37.52
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
10
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43