එක දවසට 13ක් මරුට

ඊයේ(08) දින මහමග සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් දහතුන් දෙනෙක් මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසනවා

පුද්ගලයින් හත්දෙනෙක් මියගොස් ඇත්තේ ඊයේ (08) සිදු වූ රිය අනතුරුවලින් වන අතර ඊට පෙර දිනවලදී සිදුවූ අනතුරුවලින් බරපතළ තුවාල ලබා ප්‍රතිකාර ලබා ගනිමින් සිටි පුද්ගලයින් 6 දෙනෙකුද මියගොස් තිබෙනවා

එම මරණ 6ත් සමගින් මරණ 13ක් වාර්තා වන බවයි අජිත් රෝහණ මහතා පවසන්නේ

මෙසේ මිය ගිය පුද්ගලයින් අතරින් හය දෙනකු පදිකයින් වනවා

යතුරුපැදිවල ගමන් කල සිව් දෙනෙක් ,රියදුරන් දෙදෙනෙක් මෙන්ම මගියෙක් ද මියගිය පිරිස අතර සිටින බවයි වාර්තා වන්නේ

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ රිය අනතුරුවලදී පදිකයින් අනතුරට පත්වීම සහ මිය යෑමේ ප්‍රවණතාව ඉහළ ගොස් තිබෙන බැවින් එළඹෙන උත්සව සමයේ දී මහමග ගමන් කිරීමේදී වඩාත් සුපරික්ෂාකාරීව ගමන් කිරීම සිදු කල යුතු බවයි

උත්සව සමයේ මහමග සිදුවන රිය අනතුරු අවම කරගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය දිවයිනම ආවරණය වන පරිදි විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09