සුනඛයෙකු උසිගන්වා පොලිස් නිලධාරියෙකුට තුවාල සිදුකළ පුද්ගලයෙකු රිමාන්ඩ්

නිවසේ සිටි සුනඛයෙකු උසි ගන්වා සපා කෑමට සළස්වා රාජකාරි කටයුත්තක් සඳහා ගිය පොලිස් නිලධාරියෙකුට තුවාල සිදුකල කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු ලබන 12 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ ඔහු මිනුවන්ගොඩ වැඩ බලන මහේස්ත්‍රාත්වරයා වෙත ඊයේ ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

සැකකරු මිනුවන්ගොඩ නිල්පනාගොඩ ප්‍රදේශයේ පදිංචි අයෙක්.

මිනුවන්ගොඩ පොලීසිය වෙත ලැබී තිබූ පැමිණිල්ලකට අදාලව සැකකරු පොලීසිය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත නිලධාරීන් දෙදෙනෙකු ඔහුගේ නිවසට ගොස් තිබුණා.

පොලිස් නිලධාරීන් දෙදෙනා දුටු සැකකරු නිවස තුළට ගොස් එහි සිටි සුනඛයා පිටතට කැඳවා පොලිස් නිලධාරීන් පෙන්වා උසි ගන්වා ඇති බවයි අධිකරණයේදී සඳහන් වුණේ. එහිදී එක් පොලිස් කොස්තාපල්වරයෙකුගේ කකුලක් සුනඛයා විසින් සපා කා ඇති අතර තුවාල ලැබූ කොස්තාපල්වරයා ගම්පහ මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09
Video thumbnail
අළුගොල්ල කන්දේ හදිසියේම හටගත් විශාල ගින්න
01:24
Video thumbnail
පුලතිසි රාජා මෛත්‍රිපාලව බලන්න එයි
01:06
Video thumbnail
රු.100ක් නොදුන් නිසා සිසුන් දෙදෙනෙකුට ගැ#ව සවල් චණ්ඩි
00:40