AFC Banner
Empty Ad
Empty Ad

අධිකරණයට අපහාස කළ බවට සුරා බදු කොමසාරිස් ඇතුළු හතරකට එරෙහිව පෙත්සමක්

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ නියෝගයක් උල්ලංඝනය කරමින් සුපිරි වෙළඳසැල් හා දේශපාලන හිතවතුන්ට මත්පැන් බලපත්‍ර අලුතින් නිකුත් කිරීම තුළින් සුරා බදු කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු හතරදෙනකු අධිකරණයට අපහාස කර ඇති බවට චෝදනා කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වුණා.

නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි ගිහාන් ශවින්ද ප්‍රනාන්දු විසින් පෙත්සම ඉදිරිපත් කළා.

එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස සුරා බදු කොමසාරිස් ජනරාල් එම්.ජේ.ගුණසිරි, එහි අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන ඒ.එම්.පී.අරම්පත් සහ නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්වරුන් වූ කේ.ධර්ම සීලන් සහ සී.ජේ.ඒ. වීරක්කොඩි යන අය නම් කර තිබෙනවා.

පෙත්සම්කරු කියා සිටින්නේ ඉකුත් අප්‍රේල් මස 02 වනදා අවිධිමත් ලෙස මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් සලකා බැලූ අවස්ථාවේ දී පවතින සුරා බදු නීති රෙගුලාසිවලට පරිබාහිරව මත්පැන් බලපත්‍ර නිකුත් නොකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සුරා බදු කොමසාරිස් ජෙනරාල්වරයා වෙත නියම කළ බවයි.

එහෙත් එම නියෝගය උල්ලංඝනය කරමින් වග උත්තරකරුවන් විසින් දේශපාලකයින්ගේ හිතවතුන්, ඔවුන්ගේ ඥාතීන් හා සුපිරි වෙළඳසැල් ජාල සඳහා අලුතින් මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමට පියවර ගෙන ඇති බවත් පෙත්සමේ චෝදනා කර තිබෙනවා.

ඒ, තුළින් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග උල්ලංඝනය කරමින් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සුරා බදු කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු වගඋත්තරකරුවන් හතරදෙනාට එරෙහිව සුදුසු නීතිමය පියවර ගන්නා ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තුව ඇතුළට යවන්න ඕන හේතුව කියන ඩීනා
05:31
Video thumbnail
KASTHIRAMA | පාර්ලිමේන්තු මැතිවරණ අපේක්ෂිකා භාගේශ්වරී ගුණසේකර සහ ඩීනා රසාංජලී සහභාගිවන කස්තිරම
01:31:47
Video thumbnail
දිලිත්ගේ අපේක්ෂිකාව සහ රංජන්ගේ අපේක්ෂිකාව පැටලෙයි
07:14
Video thumbnail
ඩිෆෙන්ඩර් රථයක් අනතුරේ - මිනිස්සු කියන්නේ ලොහාන් රත්වත්තගේ කියලා
04:20
Video thumbnail
රංජන් තමයි හොරු අල්ලන වැඩ්ඩා
05:11
Video thumbnail
දිල්ෂාන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
02:56
Video thumbnail
පාකින් මාෆියාවට එරෙහිව හඬ නඟන කොමසාරිස්වරිය මාරු කරන්න ලෑස්තියි.මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්
05:53
Video thumbnail
ආරුගම්බේ සිදුවීම ගැන ඔබ නොහිතපු ඇඟ හිරිවැටෙන හෙළිදරව්ව මෙන්න
11:11
Video thumbnail
රනිල් ගෙදර ගියේ මාස 06කට සල්ලි ඉතුරු කරලා - වේලුකුමාර් කියයි
02:43
Video thumbnail
වසන්ත සමරසිංහ පොලිස් මාධ්‍ය ප්‍රකාශකද ? අජිත් පී.පෙරේරා අසයි
04:45

?