අධිකරණයට අපහාස කළ බවට සුරා බදු කොමසාරිස් ඇතුළු හතරකට එරෙහිව පෙත්සමක්

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ නියෝගයක් උල්ලංඝනය කරමින් සුපිරි වෙළඳසැල් හා දේශපාලන හිතවතුන්ට මත්පැන් බලපත්‍ර අලුතින් නිකුත් කිරීම තුළින් සුරා බදු කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු හතරදෙනකු අධිකරණයට අපහාස කර ඇති බවට චෝදනා කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වුණා.

නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි ගිහාන් ශවින්ද ප්‍රනාන්දු විසින් පෙත්සම ඉදිරිපත් කළා.

එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස සුරා බදු කොමසාරිස් ජනරාල් එම්.ජේ.ගුණසිරි, එහි අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන ඒ.එම්.පී.අරම්පත් සහ නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්වරුන් වූ කේ.ධර්ම සීලන් සහ සී.ජේ.ඒ. වීරක්කොඩි යන අය නම් කර තිබෙනවා.

පෙත්සම්කරු කියා සිටින්නේ ඉකුත් අප්‍රේල් මස 02 වනදා අවිධිමත් ලෙස මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් සලකා බැලූ අවස්ථාවේ දී පවතින සුරා බදු නීති රෙගුලාසිවලට පරිබාහිරව මත්පැන් බලපත්‍ර නිකුත් නොකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සුරා බදු කොමසාරිස් ජෙනරාල්වරයා වෙත නියම කළ බවයි.

එහෙත් එම නියෝගය උල්ලංඝනය කරමින් වග උත්තරකරුවන් විසින් දේශපාලකයින්ගේ හිතවතුන්, ඔවුන්ගේ ඥාතීන් හා සුපිරි වෙළඳසැල් ජාල සඳහා අලුතින් මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමට පියවර ගෙන ඇති බවත් පෙත්සමේ චෝදනා කර තිබෙනවා.

ඒ, තුළින් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග උල්ලංඝනය කරමින් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සුරා බදු කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු වගඋත්තරකරුවන් හතරදෙනාට එරෙහිව සුදුසු නීතිමය පියවර ගන්නා ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56