ජේතවනාරාමයේ අකුණු සන්නායකයට විදින්න ගිය ගායන ශිල්පියා පොලිස් දැලේ

ඓතිහාසික ජේතවනාරාම චෛත්‍යයේ අකුණු සන්නායකය සොරාගැනීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රසිද්ධ ගායන ශිල්පියකු ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනුරාධපුර අටමස්ථානයට අයත් ඓතිහාසික ජේතවනාරාම දාගැබේ ආරක්ෂාවට ඇති අකුණු සන්නායකය, සොරකම් කිරීමේ සිද්ධියට එම ජාවාරමේ මහ මොළකරු බව කියන රූපවාහිනී රියැලිටි තරගයකින් ජනප්‍රියත්වයට පත් ගායන ශිල්පියෙකු ඇතුළු සැකකරුවන් 05 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබුණේ පසුගිය 03 වනදා පස්වරුවේයි.

එහිදී අකුණු සන්නායකයේ ආරෝපණය පරීක්ෂා කරන කරන උපාංගයක්, නවීන මෝටර් රථයක් සහ ස්මාර්ට් ජංගම දුරකථන පහක් ද ඔවුන් සමඟ පොලිස් භාරයට ගත් බවයි උඩමළුව පොලිසිය පැවසුවේ.

අනුරාධපුර අටමස්ථානයට අයත් ඓතිහාසික ජේතවනාරාම දාගැබේ ආරක්ෂාවට ඇති අකුණු සන්නායකය, සොරකම් කර රැගෙන යාමට පැමිණි බව කියන පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඔවුන්ගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වල දී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

සන්නායකයේ ඇති යම් ආරෝපණයක්, යන්ත්‍රානුසාරයෙන් ලබාගෙන එය විශාල මිලකට විකිණීමට සැකකරුවන් සූදානම්ව සිට ඇතැයි පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු ගායන ශිල්පියා සහ අනෙකුත් සැකකරුවන් පස්දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
4
+1
3
+1
4
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?