ජේතවනාරාමයේ අකුණු සන්නායකයට විදින්න ගිය ගායන ශිල්පියා පොලිස් දැලේ

ඓතිහාසික ජේතවනාරාම චෛත්‍යයේ අකුණු සන්නායකය සොරාගැනීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රසිද්ධ ගායන ශිල්පියකු ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනුරාධපුර අටමස්ථානයට අයත් ඓතිහාසික ජේතවනාරාම දාගැබේ ආරක්ෂාවට ඇති අකුණු සන්නායකය, සොරකම් කිරීමේ සිද්ධියට එම ජාවාරමේ මහ මොළකරු බව කියන රූපවාහිනී රියැලිටි තරගයකින් ජනප්‍රියත්වයට පත් ගායන ශිල්පියෙකු ඇතුළු සැකකරුවන් 05 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබුණේ පසුගිය 03 වනදා පස්වරුවේයි.

එහිදී අකුණු සන්නායකයේ ආරෝපණය පරීක්ෂා කරන කරන උපාංගයක්, නවීන මෝටර් රථයක් සහ ස්මාර්ට් ජංගම දුරකථන පහක් ද ඔවුන් සමඟ පොලිස් භාරයට ගත් බවයි උඩමළුව පොලිසිය පැවසුවේ.

අනුරාධපුර අටමස්ථානයට අයත් ඓතිහාසික ජේතවනාරාම දාගැබේ ආරක්ෂාවට ඇති අකුණු සන්නායකය, සොරකම් කර රැගෙන යාමට පැමිණි බව කියන පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඔවුන්ගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වල දී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

සන්නායකයේ ඇති යම් ආරෝපණයක්, යන්ත්‍රානුසාරයෙන් ලබාගෙන එය විශාල මිලකට විකිණීමට සැකකරුවන් සූදානම්ව සිට ඇතැයි පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු ගායන ශිල්පියා සහ අනෙකුත් සැකකරුවන් පස්දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
4
+1
3
+1
4
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රදේශවාසීන්, පොලිසිය සහ නාවික හමුදාව සමඟ උණුසුම් තත්ත්වයක් - නේවි එකක් පොලිසියක් ඕනි නෑනේ මෙහාට
01:43
Video thumbnail
බෙල්ලන්විල රත්කල වෙ#ල්ලෙන් පුද්ගලයෙකු එළොව යයි - මෙන්න එහි නවතම දර්ශන
02:11
Video thumbnail
හාමුදුරුවරුන් ආණ්ඩුව වෙනුවෙන් හඬ නගයි - පාලකයන්ට හැට පැනලා ඉන්න පුළුවන්නම් මෙයාලට ඇයි බැරි ?
05:14
Video thumbnail
පහුගිය ආණ්ඩු දෙක තවම තිබ්බනම් පොළේ එළවළු ගානටම කුඩු විකුණයි - හීනෙන් ඇහැරිලා වගේ කෑගහනවා
07:33
Video thumbnail
මැණික් ව්‍යාපාරිකයින් පුදුම කළ නාමල්ගේ උත්තරේ - ජනාධිපති වුණොත් මැණික් කර්මාන්තයට මොකද කරන්නේ ?
07:47
Video thumbnail
ඔයාගේ කනේ ඩෙසිබල් මීටරයක් එනවද ?හරි මම බලාගන්නම්කෝ උසාවියේදී ලස්සනට ඒක
06:01
Video thumbnail
ඔයත් ඊශ්‍රාලයට යන්න හීන දකින කෙනෙක්ද ?මේ කරුණු නොදැන යන්න හිතන්නවත් එපා
02:48
Video thumbnail
හයි කැපෑසිටි බයික් ගැන නාමල් කිව්ව දේ - මගේ මතය නම් 1200ccවලට අවසරය දෙන්න ඕනි
01:35
Video thumbnail
මිරිස්ස ධිවර වරායේ උණුසුම් තත්ත්වයක් - "මම විද්‍යාඥයෙක්නම් නාසා එකේ ඉන්න එපැයි"
02:04
Video thumbnail
ජනාධිපති මන්දිර ගැන නාමල් කට අරියි - හිටියත් එකයි නැතත් එකයි අදාළ වියදම් ටික යනවා
02:02