AFC Banner
Empty Ad
Empty Ad

විජයදාස රාජපක්ෂට එරෙහි වාරණ නියෝගය තවදුරටත් දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය තව දුරටත් දීර්ඝ ලෙස කොළඹ දිසා අධිකරණය අද (03) නියෝග කළා.

පැමිණිල්ල අද (03) දින කොළඹ දිසාව විනිසුරු සඳුන් විතාන මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී දිසා විනිසුරුවරයා ප්‍රකාශ කළේ මෙම පැමිණිල්ලේ විභාගය කොළඹ අතිරේක දිසාව විනිසුරු චමරි වීරසුරිය මහත්මිය හමුවට යොමු කරන බවයි.

ඉන් අනතුරුව නඩුව එම විනිසුරුවරිය ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ජයමුදිතා ජයසූරිය මහත්මිය අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම නඩුවට අදාළ විරෝධතා ගොනු කිරීම සඳහා කල් ලබාදෙන ලෙස ඉල්ලා සිටියා.

ඒ, අනුව විරෝධතා ගොනු කිරීමට කල් ලබාදුන් විනිසුරුවරිය නඩුව නැවතත් ලබන 14 වනදා කැඳවන ලෙස නියෝග කළා.

දැනට නිකුත් කර තිබෙන වාරණ නියෝගය එදින දක්වා දීර්ඝ කරන ලෙසත් විනිසුරුවරිය විසින් වැඩිදුරටත් නියෝග කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?