එංගලන්ත ජාතික තරුණියකගේ බෑගයට විද්ද හොරා අත්අඩංගුවට

පිටකොටුව බැස්ටියන් මාවත බස් නැවතුම්පොළේ බස් රථයක් තුළ දී එංගලන්ත ජාතික තරුණියකගේ බෑගයක් සොරාගත් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරු කැළණිය, පෙතියාගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනුණු බවයි පිටකොටුව පොලිසිය සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු සංචාරක වෙළෙන්දෙක් ලෙස කටයුතු කළ පුද්ගලයෙක් බවයි පොලිසිය පැවසුවේ.

සැකකරු විසින් සොරාගත් බෑගයේ තිබූ ලැප්ටොප් පරිගණකය, කැමරාව, බැංකු කාඩ්පත් සහ තරුණියගේ ගුවන් ගමන් බලපත්‍රය ඇතුළු වටිනා ද්‍රව්‍ය පොලීසය මඟින් සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක වීඩියෝ පටයක් සකස් කිරීම මෙරටට පැමිණ ඇල්ල බලා යෑම සඳහා පිටකොටුව බැස්ටියන් මාවතෙන් බස් රථයක විදෙස් තරුණිය සිය ගමන් බෑග් තබා තිබිය දී සැකකරු විසින් ඔහු රැගෙන ආ බෑගය එහි තබා තරුණියගේ බෑගය සොරාගෙන පළාගොස් තිබුණා.

බස් රථයේ සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරා දර්ශන ඔස්සේ ලබාගත් ඡායාරූප තොරතුරුකරුවන් ඔස්සේ රහසිගත ලෙස ප්‍රසිද්ධ කර ලබාගත් තොරතුරුවලට අනුව සැකකරු කලකට පෙර බස් රථවල ස්ටිකර් අලෙවිකල පුද්ගලයකු බවට හඳුනාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේ දී සොරාගත් කැමරාව රුපියල් දෙලක්ෂ පනස්දහකට දොම්පේ ප්‍රදේශයේ පුද්ගලයෙකුට විකුණා තිබියදීත්, ලැප්ටොප් පරිගණකය එහි මුරපදය ඉවත් කිරීම සඳහා පෑලියගොඩ ප්‍රදේශයේ ස්ථානයකට රුපියල් 5000කට අත්තිකාරම් මුදලක් ගෙවා ලබාදී තිබියදීත්, සෙසු භාණ්ඩ සැකකරු සන්තකයේ තිබිය දී සොයාගැනීමට හැකිවූ බව පිටකොටුව පොලිසිය පැවසුවේ.

සැකකරු මීට පෙර ද මේ ආකාරයෙන් බස් රථයක දී ලැප්ටොප් පරිගණකයක් සොරාගැනීම සම්බන්ධයෙන් පොලිසිය අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි පුද්ගලයෙකු වන අතර, 26 හැවිරිදි සැකකරු තදින් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

“අන්ඩර් ද සේම් ස්කයි ” නමින් යූබ්ටියුබ් චැනලයක් පවත්වාගෙන යන ස්කයි මැක්ගෝවන් නැමැති තරුණිය රටවල් 37ක සංචාරය කර ඇති තැනැත්තියක් බවත් ඉකුත් 24 වනදා මෙරට සංචාරය සඳහා පැමිණ තිබුණා.

ඒ, අතර තුරයි ඇය මෙම අකරතැබ්බයට මුහුණ පා තිබුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
6
+1
3
+1
5
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දරුවන් ගැන සජිත් හැමෝම ඉස්සරහා කිව්ව දේ..දරුවන්ගේ අයිතිවාසිකම් රටේ මූලික අයිතිවාසිකම්
09:44
Video thumbnail
සඳගිරිසෑයට හොරු පනියි..මැණික් සහ රන් මාල උස්සලා..ධාතූන් වහන්සේ වැඩසිටි සියපත පැත්තකට දාලා
07:44
Video thumbnail
නාමල්ගේ හෙට පානදුර රැළියට සූදානම..කොටු ඇදලා ඉරි ගහලා මැනගන්නකෝ..පානදුර ටවුන් එක වහනවා
01:12
Video thumbnail
සජිත් ඒ පුංචි ළමයින්ට තියෙන ආදරය..පෙරපාසල් ළමුන් 550 දෙනෙකුට සජිත් දුන්න අපූරු තෑගී
02:18
Video thumbnail
අනවසර ඉදිකිරීම් නිසා අකුරැස්සේ උණුසුම් තත්ත්වයක්.."ඔයා කොහොමද රටේ නීතියක් කරන්නේ"
15:56
Video thumbnail
බිත්තිය වැ#ටුණනම් අම්මයි, පොඩි උන් දෙන්නයි ඉවරයි..මම කෑගැහුවා දාලා යන්න බෑ කියලා
02:12
Video thumbnail
එංගලන්තයට ගිය අගමැතිනිය යළි දිවයිනට ආ හැටි
00:23
Video thumbnail
අරගයක් ආවොත් ගු#ටිකාලා යන්න වෙයි කියලා මාලිමාවේ සමහරු දැන්ම යනවා
03:56
Video thumbnail
සජබයේ කාටවත් නඩු නෑ..හොරකම් නෑ..බංකොළොත් කරලා සජබයට බලය ගන්න ඕනි නෑ
02:58
Video thumbnail
වෙසක්වලට දන්සැල් දෙනවනම් මේක දැනගන්න..අකමැත්තෙන් වුණත් නීතිය ක්‍රියාත්මක කරනවා
03:41