එංගලන්ත ජාතික තරුණියකගේ බෑගයට විද්ද හොරා අත්අඩංගුවට

පිටකොටුව බැස්ටියන් මාවත බස් නැවතුම්පොළේ බස් රථයක් තුළ දී එංගලන්ත ජාතික තරුණියකගේ බෑගයක් සොරාගත් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරු කැළණිය, පෙතියාගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනුණු බවයි පිටකොටුව පොලිසිය සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු සංචාරක වෙළෙන්දෙක් ලෙස කටයුතු කළ පුද්ගලයෙක් බවයි පොලිසිය පැවසුවේ.

සැකකරු විසින් සොරාගත් බෑගයේ තිබූ ලැප්ටොප් පරිගණකය, කැමරාව, බැංකු කාඩ්පත් සහ තරුණියගේ ගුවන් ගමන් බලපත්‍රය ඇතුළු වටිනා ද්‍රව්‍ය පොලීසය මඟින් සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක වීඩියෝ පටයක් සකස් කිරීම මෙරටට පැමිණ ඇල්ල බලා යෑම සඳහා පිටකොටුව බැස්ටියන් මාවතෙන් බස් රථයක විදෙස් තරුණිය සිය ගමන් බෑග් තබා තිබිය දී සැකකරු විසින් ඔහු රැගෙන ආ බෑගය එහි තබා තරුණියගේ බෑගය සොරාගෙන පළාගොස් තිබුණා.

බස් රථයේ සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරා දර්ශන ඔස්සේ ලබාගත් ඡායාරූප තොරතුරුකරුවන් ඔස්සේ රහසිගත ලෙස ප්‍රසිද්ධ කර ලබාගත් තොරතුරුවලට අනුව සැකකරු කලකට පෙර බස් රථවල ස්ටිකර් අලෙවිකල පුද්ගලයකු බවට හඳුනාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේ දී සොරාගත් කැමරාව රුපියල් දෙලක්ෂ පනස්දහකට දොම්පේ ප්‍රදේශයේ පුද්ගලයෙකුට විකුණා තිබියදීත්, ලැප්ටොප් පරිගණකය එහි මුරපදය ඉවත් කිරීම සඳහා පෑලියගොඩ ප්‍රදේශයේ ස්ථානයකට රුපියල් 5000කට අත්තිකාරම් මුදලක් ගෙවා ලබාදී තිබියදීත්, සෙසු භාණ්ඩ සැකකරු සන්තකයේ තිබිය දී සොයාගැනීමට හැකිවූ බව පිටකොටුව පොලිසිය පැවසුවේ.

සැකකරු මීට පෙර ද මේ ආකාරයෙන් බස් රථයක දී ලැප්ටොප් පරිගණකයක් සොරාගැනීම සම්බන්ධයෙන් පොලිසිය අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි පුද්ගලයෙකු වන අතර, 26 හැවිරිදි සැකකරු තදින් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

“අන්ඩර් ද සේම් ස්කයි ” නමින් යූබ්ටියුබ් චැනලයක් පවත්වාගෙන යන ස්කයි මැක්ගෝවන් නැමැති තරුණිය රටවල් 37ක සංචාරය කර ඇති තැනැත්තියක් බවත් ඉකුත් 24 වනදා මෙරට සංචාරය සඳහා පැමිණ තිබුණා.

ඒ, අතර තුරයි ඇය මෙම අකරතැබ්බයට මුහුණ පා තිබුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සමන්තභද්‍ර හිමිගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ආණ්ඩුව අනවශ්‍ය ප්‍රශ්නයක් පටලගත්තේ..උද්දච්චයිනේ
06:04
Video thumbnail
මේ පනත් දෙක මර්දනකාරි ගමනේ නිවුන් සහෝදරයෝ වගේ - මහේස්ත්‍රාත්ගේ බලයත් යටපත් කරන්න පුළුවන් ?
13:21
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19