දංකොටුවෙන් හමු වූ බවුසර්වල විෂ පොල්තෙල් බව තහවුරු වෙයි

පසුගියදා දංකොටුව ප්‍රදේශයේ තිබියදී සොයාගත් පොල් තෙල් බවුසර්වලින් ලබාගත් සාම්පලවල ‘ඇෆ්‍ලටොක්සීන්’ නමැති පිළිකා කාරකය අඩංගු බවට තහවුරු වී තිබේ.  

එම සාම්පල පරීක්ෂා කරන ලද්දේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසිනි.

ශ්‍රී ලංකා පොලීසිය විසින් එම බවුසර් සිය භාරයට ගෙන පසුව රේගුවට භාරදෙන ලදි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව දිගටම පරීක්ෂණ පවත්වන බවත් රජයේ රස පරීක්ෂකට සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පාලන ඒකකය වෙත යොමු කළ  සාම්පලවලට අදාළ වාර්තා බලාපොරොත්තුවෙන් සිටින බව ශ්‍රී ලංකා රේගුව පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?