සම්මානිත මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ අභාවප්‍රාප්ත වෙයි

කැළණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යායන අංශයේ හිටපු අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, සුමනපාල ගල්මංගොඩ මහතා ඊයේ (27) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ, මහතාගේ දේහය කඩවත, ඇල්දෙණියේ පිහිටි නිවසේ තැන්පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

අභාවප්‍රාප්ත ගල්මංගොඩ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (29) සවස සිදුකිරීමට නියමිතයි.

මෙරටින් බිහිවූ බුද්ධිමතෙක් මෙන්ම පාලි හා බෞද්ධ අධ්‍යායන ක්ෂේත්‍රයේ ඉතා දුලබ ශාස්ත්‍රඥයෙක් ලෙස සැළකෙන ගල්මංගොඩ මහතා ආයුර්වේද වෛද්‍යවරයෙක් ද වනවා.

පාලි හා බෞද්ධ අධ්‍යයන විෂය ක්ෂේත්‍රයේ විශිෂ්ටතම උගතෙකු වූ සම්මානිත මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ මහතා කෘති රැසක් රචනා කළ ගත්කතුවරයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
1
+1
18
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?