බාලවයස්කාර බිරිඳ සහ සැමියා පොලිසියේ දී මිය ගිහින් – ගම්මු පොලිසිය ගිනිබත් කරයි

බිහාර් ප්‍රාන්තයේ තාරාබාරි ප්‍රදේශයේ පොලිස් ස්ථානයට ප්‍රදේශවාසීන් විසින් පහර දී ගිනිතබා අලාභ හානිකර තිබෙනවා.

පොලිස් අත්අඩංගුවේ සිටිය දී පුද්ගලයෙක් සහ ඔහුගේ බාල වයස්කාර බිරිඳ මියයාම සිද්ධියක් සම්බන්ධයෙන් කෝපයට පත්ව ප්‍රදේශවාසීන් විසින් මෙලෙස පොලිස් ස්ථානයට හානිකර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

පොලිස් අත්අඩංගුවේ දිවිය දී ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයාගේ බිරිඳ මීට වසරකට පමණ පෙර ජීවිතක්ෂයට පත්ව ඇති අතර, පසුව ඔහු මීට දින දෙකකට පෙර පෙර තම නැසීගිය බිරිඳගේ 14 හැවිරිදි සහෝදරිය සමඟ විවාහ වී තිබෙනවා.

එම විවාහය සම්බන්ධයෙන් තොරතුරු දැනගත් පොලිසිය ඔවුන් දෙදෙනාව පසුගිය බ්‍රහස්පතින්දා පස්වරුවේ පොලිසිය විසින් කැඳවාගෙන ගොස් ඇත්තේ විවාහයේ කාන්තාව වයස අවුරුදු 18ට අඩු බාලවයස්කාරියක් වීම හේතුවෙන්.

පොලිසිය තුළ රඳවගෙන සිටිය දී මෙම යුවළ ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ප්‍රදේශවාසින් පවසන්නේ පොලිස් නිලධාරීන් විසින් ඔවුන් දෙදෙනාට සිදුකළ පහරදීම් හේතුවෙන් මෙලෙස මියගොස් ඇති බවයි.

දෙදෙනාගේ මරණය පිළිබඳ පුවත ප්‍රදේශයේ පැතිරීමත් සමඟ කෝපයට පත් ප්‍රදේශවාසීන් තාරාබාරි පොලිසිය වට කර පොලිස් නිලධාරීන්ට සහ පොලිස් ගොඩනැගිල්ලට පහර දී ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව පොලිස් ස්ථානයට ගිනිතබා ඇති අතර, මෙම සිද්ධියෙන් අවම වශයෙන් පොලිස් නිලධාරීන් පස්දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48
Video thumbnail
ජනපති කිව්ව "කොත්තමල්ලි"කතාව ගැන නලින්ද හෙළිකරයි - දේශීය වෙදකමට මුල් තැනද දුන්නේ ?
06:17
Video thumbnail
දැඩි විවේචන මැද 22ක සම්මත කරනවද ? ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වාස නිසානේ පෙත්සම් දුන්නේ
02:03
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27