පහත් බිම්වලට ගංවතුර තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීමක්

දිවයිනට බලපා ඇති අධික වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ගංඟා ආශ්‍රිත පහත් බිම්වල ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ, අනුව ඉදිරි දිනවල තද වැසි ඇති වුවහොත් මහවැලි, කැළණි, ගිං, කළු, නිල්වලා, බෙන්තර ගංඟා මෙන්ම දරු ඔය, අත්තනගලු ඔය, මා ඔය, කලා ඔය, කිරම ඔය සහ මල්වතු ඔය ආශ්‍රිත පහත් බිම්වල ගංවතුර තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ එම දෙපාර්තමේන්තුව මඟින් පාලනය වන ජලාශවල ජල ධාරිතාව 75% ඉක්මවා ඇති බවයි.

ඒ, අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගණය සහ අංගමුව යන ජලාශවල වාන් දොරටු මේ වනවිටත් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්‍යක්ෂ එස්.පී.සී. සුගීෂ්වර පවසනවා.

මේ අතර, කල්පිටිය සිට කොළඹ ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝ මීටර් 50 සිට 60 දක්වා වැඩිවන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ඒ, අනුව මේ පිළිබඳව අවදානයෙන් කටයුතු කරන ලෙසයි ධීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේව බේරාගන්න විපක්ෂ ප්‍රබලයෝ පාරට බහී
06:49
Video thumbnail
පැමිණි බසයටම ය#වී එළොව ගිය මගියා..බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වූ අයුරු
00:46
Video thumbnail
වැලිගම හදිසියේ හටගත් ගින්න නිසා ඇති වූ උණුසුම් තත්ත්වය
02:28
Video thumbnail
"පච කියන්න එපා..කෙ#විලාම යන්නේ ආ" චමින්ද කුපිත වී හොඳම එකෙන් දෙසයි
12:09
Video thumbnail
රාජපක්ෂලාට හොරු කිව්වට තාම කිසිම හොරෙක් අල්ලලා නෑ
02:56
Video thumbnail
කපිලව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂකගේ කාමරයට ගිහින් ප්‍රකාශ බලෙන් ලබාගෙන ?..නීතිඥයෙක් සියල්ල හෙළිකරයි
03:05
Video thumbnail
වැඩි මිලට පෙට්‍රල් සහ ඩීසල් විකිණූ පුද්ගලයෙක් අත්අඩංගුවට
00:43
Video thumbnail
ඊශ්‍රායලය ගැන ට්‍රම්ප් කුපිත වෙයි - ලෝකයම අමාරුවේ දාන ගෑස් නිධි ප්‍රහාර
07:41
Video thumbnail
ඔයාලා එදා හිනා වුණානේ - ඕක තමයි දෛවයේ සරදම
04:46
Video thumbnail
ඔයා කොහොමද මාංචු දාන්නේ ? ගංජා, කුඩු නැත්තන් මොකටද උඹ අරගෙන යන්නේ..මුන්ට ග#මු ගමම එකතුවෙලා
04:47