මිනිස් ජාවාරම මැඩලන්න මෙරට දූත පිරිසක් රුසියාවට

රුසියා – යුක්‍රේන කුලී හමුදාවට මෙරට විශ්‍රාමික හමුදා සාමාජිකයන් යොමු කිරීමේ මිනිස් ජාවාරම සම්බන්ධයෙන් සොයා බැලීමට ජනපතිවරයාගේ උපදෙස් මත දූත පිරිසක් රුසියාවට යැවීමට බලාපොරොත්තුවන බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, රුසියාවේ හිටපු තානාපති සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් සමන්විත දූත පිරිසක් කඩිනමින් රුසියාව බලා පිටත් කෙරෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ වන විට විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ආරක්ෂක අමාත්‍යාංශය එක්ව රුසියානු – යුක්‍රේන යුද්ධයට මැදිව සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධව සංගණනයක් සිදු කරමින් සිටිනවා. ඇතැම් ලාංකිකයන් රුසියාවට යවා තිබෙන්නේ සංචාරක වීසා මඟින් බව ද මේ වන විට හෙළිවී තිබෙනවා. එසේම ඒ අතරින් විශාල පිරිසක් මෙරට ත්‍රිවිධ හමුදා නියෝජනය කළ විශ්‍රාමික හමුදා සාමාජිකයන් වනවා. මෙහිදී අපට තිබෙන ප්‍රධාන ගැටලුවක් වන්නේ කොපමණ ප්‍රමාණයක් රුසියාවට ගොස් සිටිනවාද යන්නයි. නිල නොවන ආරංචි මාර්ගවලට අනුව 600-800ක අතර ප්‍රමාණයක් රුසියාවේ සිටින බවට වාර්තා වී තිබෙනවා. ඇතැම් විට එම ප්‍රමාණය මීට වඩා අඩු හෝ වැඩි විය හැකියි.

කෙසේ වෙතත් රජයක් වශයෙන් රුසියාවේ සිටින මෙරට විශ්‍රාමික හමුදා සාමාජිකයන් සම්බන්ධව ගත යුතු සෑම පියවරක්ම මේ වන විට ගෙන තිබෙන බව සඳහන් කළ යුතුයි. මෙහිදී රුසියාවේ යුද්ධයට මැදි වී සිටින පිරිස් සම්බන්ධව දැනුම්වත් කිරීම ගැන මාධ්‍ය ආයතන වෙත විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මෙම පිරිස් රුසියාවේ රැඳී සිටින ප්‍රදේශ පිළිබඳවත් නිශ්චිත තොරතුරු වාර්තා නොවීමත් අපට බරපතල ගැටලුවක් වී තිබෙනවා.

අපට දැන ගන්නට තිබෙන තොරතුරුවලට අනුව ජාවාරම්කරුවන් ‘රුසියානු පුරවැසිභාවය ලබාදීම’ වැනි බොරු පොරොන්දු ඇතුළත් ප්‍රචාර හරහා මේ පිරිස් රුසියාවට ගෙන්වා ගෙන තිබෙනවා. සම්පූර්ණයෙන්ම මෙය මිනිස් ජාවාරමක්. මේ ජාවාරමට ඉහළ හමුදා නිලධාරියෙක් සම්බන්ධ බවට ද තොරතුරු වාර්තා වී තිබෙනවා. පළමුවෙන්ම ඇත්ත තත්ත්වය පෙන්වා දී තවදුරටත් රුසියාවට පිරිස් යැවීම නතර කළ යුතුයි. ඉන් අනතුරුව එහි ගොස් සිටින පිරිස් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා කර, යළි මෙරටට ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් රජයක් වශයෙන් අප උපරිම උත්සාහ දරනවා.

විදේශ කටයුතු අමාත්‍යවරයා විදෙස්ගතව සිටියත් රුසියානු – යුක්‍රේන යුද්ධයට මැදිව සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා දූත පිරිසක් කඩිමින් රුසියාවට යැවීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, රුසියාවේ හිටපු තානාපති ඇතුළු විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් සැදුම්ලත් දූත පිරිසක් රුසියාවට යැවීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ සම්බන්ධව රුසියානු තානාපති කාර්යාලය නිල වශයෙන් දැනුවත් කිරීමට ද අප බලාපොරොත්තු වෙනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මට මේවා වුණේ මගේ ගැහැණුකම නිසා..කොච්චර මඩ ගැහුවත් මගේ කට වහන්න බෑ
05:14
Video thumbnail
රාජාංගනයේ හිමි මත්ද්‍රව්‍ය ගෙනා හිමිවරුන්ට හොඳටම අමතයි..අපිට ජනපතිද අගමැතිද මොකෙක්වත් අදාළ නෑ
06:07
Video thumbnail
ඩයගම - හැටන් බිහිසුණු අනතුරෙන් එක් අයෙකුට දිවි අහිමි වෙයි..පුද්ගල‍යින් 30කට පමණ තුවාල
03:04
Video thumbnail
ඩොලර් වංචාව ගැන තවත් ප්‍රබල හෙළිදරව්වක් මෛත්‍රී හෙළිකරයි..B වාර්තාව පිටට දෙන්න එපා කියලා
07:43
Video thumbnail
මුදල් ලේකම් හෙට මුදල් කමිටුවට එන්නේ නැල්ලු..මොනවද හංඟන්න තියෙන්නේ..ඇයි බය මේ
09:41
Video thumbnail
අනුරට මාධ්‍යයේ විජ්ජාව ගැන හොඳ නිපුණතාවයක් තියෙනවා..බොරු පලස්තර ගහනවා
07:04
Video thumbnail
ශම්මිට අහිමි වුණ සභාපති පුටුව ඉරාන්ට හිමිවෙයි
01:15
Video thumbnail
🔴Breaking News
02:01
Video thumbnail
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස ඉරාන් වික්‍රමරත්න පත් කරයි..
04:41
Video thumbnail
ඩොලර් මිලියන 2.5 ගැන විජයදාසගෙන් ප්‍රබල හෙළිදරව්වක් - මුදල් ගිහින් නෑ කියලා මහ බැංකුව දැනගෙන හිටියා
11:57