දැන්වීම් පුවරුවක් කඩා වැටී මුම්බායි නගරයේ දරුණු අනතුරක් – 14ක් ජීවිතක්ෂයට (ඡායාරූප)

ඊයේ (13) සවස මුම්බායි නගරයට බලපෑ දරුණු කුණාටුවකදී දැවැන්ත දැන්වීම් පුවරුවක් කඩා වැටීමෙන් පුද්ගලයන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මෙම අනතුරින් තවත් 74ක පිරිසක් තුවාල ලබා ඇති බවයි.

මුම්බායි හි ඝට්කෝපාර් ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් ඉදිරිපිට පිහිටි අඩි 100ක පමණ දැන්වීම් පුවරුවක් මෙලෙස කඩාවැටී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර අදාළ දැන්වීම් පුවරුව එම ස්ථානයේ සවිකළ දැන්වීම් නියෝජිතායතනයට එරෙහිව මුම්බායි පොලිසිය නඩුවක් ගොනුකර ඇති බව ද වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්