29 වන වතාවටත් ජීවිත අවදානම් ගමනේ ගිය ‘එවරස්ට් මිනිසා’ (ඡායාරූප)

‘එවරස්ට් මිනිසා’ ලෙස හඳුවන්වනු ලබන “කමි රීටා” 29 වන වරටත් එවරස්ට් කඳු මුදුන තරණය කරමින් තමන්ගේ ම වාර්තාව බිඳ දමා තිබෙනවා.

ලොව උසම කන්ද ලෙස සැලකෙන එවරස්ට් කඳු මුදුන වැඩිම අවස්ථා ගණනක් තරණය කළ පුද්ගලයා බවට මෙම නේපාල ජාතිකයා පත් වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊයේ අලුයම කමි රීටා විසින් මීටර් 8,849ක් උසැති එවරස්ට් කඳු මුදුනට 29 වන වතාවටත් ළඟා වූ බවයි.

කමි රීටා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත්, මේ වන විටත් කන්දේ ඔහු පහළ කඳවුරු වෙත පැමිණීමට යළි ගමන් ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරන්නේ.

1994 වසරේ දී “කමි රීටා පළමුවරට එවරස්ට් තරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

එතැන් සිට සෑම වසරකම පාහේ ඔහු එවරස්ට් කන්ද තරණය කිරීමේ ජීවිත අවදානම් ගමනට පුරුදු වී සිටි අතර, ඒ හේතුවෙන් ඔහුව ‘එවරස්ට් මිනිසා’ යන අන්වර්ථ නාමයේ ද හඳුන්වනු ලබනවා.

ඔහු විදේශීය කඳු නගින්නන් සඳහා මාර්ගෝපදේශකයෙකු (ෂර්පා) ලෙස කීර්තියක් ගොඩනගාගෙන ඇති අයෙක්.

මේ අතර පසුගිය වසරේ කඳු නගින්නන් 600 කට වැඩි පිරිසක් එවරස්ට් කඳු මුදුන තරණය සඳහා එක්ව ඇති අතර, ඉන් 18 දෙනෙකුට ජීවිත අහිමි වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?