කොල්කටාව කල්තියාම සුපිරි හතර වටයේ ඉඩ වෙන්කරගනී

මෙවර අයි.පී.එල්. තරගාවලියේ සුපිරි හතර වටයට සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම බවට කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම පත් වුණා.

ඒ, ඊයේ (11) රාත්‍රියේ පැවති තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ලකුණු 18 කින් පරාජය කිරීමත් සමඟයි.

කොල්කටා නුවර ඊඩ්න් ගාර්ඩන් ක්‍රීඩාංගනයේ දී පැවති මෙම තරගය එක් පිළකට පන්දුවාර 16කට සීමා වුණේ තරගය ආරම්භ කිරීමට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන්.

ඒ, අනුව මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් කොල්කටා ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 16 තුළ කඩුලු 07ක් දැවී ලකුණු 157ක් රැස් කළා.

අනතුරුව ලකුණු 158ක ඉලක්කයක් හඹා ගිය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට පන්දුවාර 16 තුළ කඩුලු 08ක් දැවී රැස්කර ගත හැකිවූයේ ලකුණු 139ක් පමණයි.

ඒ, අනුව මෙම තරගය ලකුණු 18 කින් ජයග්‍රහණය කළ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම මෙවර තරගාවලියේ 09 වන ජයග්‍රහණය වාර්තා කළා.

කොල්කටා ක්‍රීඩකයින් මෙවර තරගාවලියේ සුපිරි හතර වටයට සුදුසුකම් ලබා ඇත්තේ, මූලික වටයේ මේ දක්වා තරග 12කට ක්‍රීඩා කර ඉන් තරග 09ක් ජයගෙනයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
1
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේගේ බිරිඳ කළ ප්‍රබල හෙළිදරව්ව - "මගේ බබාලා පස්සේ ඇවිත් කරදර කරන එක ඉතා අසාධාරණයි"
02:30
Video thumbnail
සලේගේ නෝනාගේ පස්සෙන් යන මේ අභිරහස් මනුස්සයා කවුද..?
07:44
Video thumbnail
අපිට නිවසක් දෙනකම් අපි මාරාන්තික උපවාසයක් කරනවා
02:45
Video thumbnail
ලාල්කාන්තලා, සරත්ලා තමයි කසිප්පුකාරයෝ, ගංජාකාරයෝ - රෙදි නැතුව යන්න ගමට වරෙල්ලා උඹලා
10:30
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16