AFC Banner
Empty Ad
Empty Ad

කොල්කටාව කල්තියාම සුපිරි හතර වටයේ ඉඩ වෙන්කරගනී

මෙවර අයි.පී.එල්. තරගාවලියේ සුපිරි හතර වටයට සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම බවට කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම පත් වුණා.

ඒ, ඊයේ (11) රාත්‍රියේ පැවති තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ලකුණු 18 කින් පරාජය කිරීමත් සමඟයි.

කොල්කටා නුවර ඊඩ්න් ගාර්ඩන් ක්‍රීඩාංගනයේ දී පැවති මෙම තරගය එක් පිළකට පන්දුවාර 16කට සීමා වුණේ තරගය ආරම්භ කිරීමට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන්.

ඒ, අනුව මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් කොල්කටා ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 16 තුළ කඩුලු 07ක් දැවී ලකුණු 157ක් රැස් කළා.

අනතුරුව ලකුණු 158ක ඉලක්කයක් හඹා ගිය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට පන්දුවාර 16 තුළ කඩුලු 08ක් දැවී රැස්කර ගත හැකිවූයේ ලකුණු 139ක් පමණයි.

ඒ, අනුව මෙම තරගය ලකුණු 18 කින් ජයග්‍රහණය කළ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම මෙවර තරගාවලියේ 09 වන ජයග්‍රහණය වාර්තා කළා.

කොල්කටා ක්‍රීඩකයින් මෙවර තරගාවලියේ සුපිරි හතර වටයට සුදුසුකම් ලබා ඇත්තේ, මූලික වටයේ මේ දක්වා තරග 12කට ක්‍රීඩා කර ඉන් තරග 09ක් ජයගෙනයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
1
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49
Video thumbnail
බල පෙරළිය ඇරඹෙයි - TNA ප්‍රබලයෙක් රනිල්ගේ සහයට
10:08
Video thumbnail
ජෝතිෂ්‍යට අනුව දිනන්නේ රනිල් - බුද මහ දසාවේ - සිකුරු අන්තරේ
02:07
Video thumbnail
සජිත්ගේ අවසන් රැළියට මහ සෙනගක් #sajithpremadasa
04:31
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37
Video thumbnail
සජිත් - නාමල් හොරෙන් ගහපු සන්ධානය ගැන විශේෂ හෙළිදරව්වක්
05:14
Video thumbnail
AKD නුගේගොඩ දෙවනක් කළ අවසන් සුපිරි කතාව#anurakumaradissanayake #npp
05:48
Video thumbnail
AKDට නුගේගොඩ විජයග්‍රාහී අවසන් මහ රැළියේදී උණුසුම් පිළිගැනීමක් #akd #npp #anurakumaradissanayake
01:56

?