සාපෙළ ඉංග්‍රීසි පේපරේ වට්ස්ඇප් හරහා සංසරණය වීමේ සිද්ධියට දෙදෙනෙකුගේ දුරකථන පොලිස් භාරයට

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි භාෂා ප්‍රශ්න පත්‍රය වට්ස්ඇප් සමාජ මාධ්‍ය හරහා සංසරණය වීම සම්බන්ධයෙන් හසලක ප්‍රදේශයේ ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම් කටයුතු කරන උපකාරක පංති ගුරුවරයාගේ සහ ඔහුගේ මවගේ ජංගම දුරකථන පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මේ අතර විභාග අක්‍රමිකතා කිහිපයක් වාර්තා වුවත් කිසිදු ප්‍රශ්න පත්‍ර පිටවීමක් සිදුව නොමැති බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසන්නේ.

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ පසුගිය 09 වැනිදා පැවති ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය අතර වාරයේ දී විභාග මධ්‍යස්ථාන දෙකක අක්‍රමිකතා සිදුව තිබෙන බවට වාර්තා වුණා.

ඒ, කොළඹ කොටහේන ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථාන දෙකකදීයි.

මේ අතර හසලක ප්‍රදේශයේ උපකාරක පංති ගුරුවරයෙකු විභාගය පැවැත්වෙන අතරතුර ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය වට්ස්ඇප් සමූහක් වෙත මුදාහැරීමේ සිද්ධියක් ද වාර්තා වුණා.

ඒ, අනුව ඉංග්‍රීසි භාෂා ප්‍රශ්න පත්‍රය වට්ස්ඇප් සාමාජ මාධ්‍ය හරහා සංසරණය වීම සම්බන්ධයෙන් හසලක ප්‍රදේශයේ ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම් කටයුතු කරන පෞද්ගලික උපකාරක පංති ගුරුවරයාගේ සහ ඔහුගේ මවගේ ජංගම දුරකථන පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඔවුන්ගෙන් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගත් බවයි පොලිසීය සඳහන් කළේ.

ඉංග්‍රීසි භාෂා ප්‍රශ්න පත්‍රය වට්ස්සැප් සමාජ මාධ්‍ය හරහා සංසරණය වීම සම්බන්ධයෙන් මේ වන විට පොලිස් පරීක්ෂණයක් ද ආරම්භ කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කරනවා.

ඊට අමතරව මේ සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව ද අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:13
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01
Video thumbnail
පරණ ජරා පාර්ලිමේන්තුවම මෙතන හැදුවා - බිමල් රිදෙන්නම දෙයි
05:46
Video thumbnail
අපි තීන්දු ගන්නේ හොරුන්ව ආරක්ෂා කරන්න නෙමෙයි
02:52
Video thumbnail
හාමුදුරුවරුන් - නාමල්ව වටකරගෙන උපදෙස් දෙයි.."දැන් ඕනේ රටට වැඩකරන නායකයෙක්"
01:30
Video thumbnail
හර්ෂගේ කතාවට ලක්මාලි උත්තර දෙයි
06:03