විදුලි බල පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය දෙවන දිනටත්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විදුලි බල පනත් කෙටුම්පත තුළින් විෂය භාර අමාත්‍යවරයාට අත්තනෝමතික බලයක් ලබාදී ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ චෝදනා නැගුණා.

විදුලි බල පනත් කෙටුම්පතේ අන්තර්ගත ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් අද (10) දෙවන දිනටත් විභාගයට ගත් අවස්ථාවේ දී පෙත්සමක් ගොනුකර තිබූ ලංකා විදුලි සේවක සංගමය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ශාන්ත ජයවර්ධන මේ බව කියා සිටියා.

මෙම පෙත්සම් අද විජිත් මළල්ගොඩ, ශිරාන් ගුණරත්න සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාගයට ගනු ලැබුවා.

මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ශාන්ත ජයවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින් යෝජිත පනත් කෙටුම්පත තුළින් විෂය භාර අමාත්‍යවරයාට අත්තනෝමතික බලයක් සලසා දී තිබෙන බව චෝදනා කළා.

බලශක්ති කළමනාකරණ කමිටුවේ සාමාජිකයින් පත් කිරීම, විදුලිය පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්තිය තීරණය කිරීම, ඊට අදාළ මාර්ගෝපදේශ නිකුත් කිරීම, ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳ බලතල යනාදී අත්තනෝමතික බලතල මෙම පනත් කෙටුම්පත තුළින් විෂය භාර අමාත්‍යවරයාට ලබා දී තිබෙන බවත් නීතිඥවරයා සඳහන් කළා.

ඊට අමතරව බලපත්‍ර නිකුත් කිරීම, අවලංගු කිරීම, වෙනස් කිරීම වැනි බලතල ද විෂය භාර අමාත්‍යවරයාට පවරා දී ඇතැයි පෙන්වා දුන් නීතිඥවරයා මෙම පනත් කෙටුම්පත තුළින් ජනාධිපතිවරයාට නොදෙවෙනි බලයක් විදුලි බල විෂය භාර අමාත්‍යවරයාට ලබාදී ඇති බවටත් සඳහන් කර සිටියා.

මහජන උපයෝගීතා කොමිෂන් සභා පනත යටතේ විදුලි ක්ෂේත්‍රයේ ඒකාධිකාරී තත්ත්වයන් නිර්මාණය වීම වළක්වා තිබුණ ද යෝජිත නව පනත් කෙටුම්පත තුළින්ම විදුලිය පිළිබඳ ඒකාධිකාරී තත්ත්වයන් නිර්මාණය වීමට මං පාදා තිබෙන බවත් ඔහු සඳහන් කළා.

එසේම යෝජිත පනත් කෙටුම්පත තුළින් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාපති බලතල කප්පාදුවට ලක් කර තිබෙන බවත් නීතිඥවරයා වැඩිදුරටත් චෝදනා කර සිටියා.

ඉන් අනතුරුව තවත් පෙත්සම්කාර පාර්ශ්ව කිහිපයක් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ද කරුණු ඉදිරිපත් කළා.

වැඩිදුර පෙත්සම් විභාගය කල් තැබුණා.

අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ලංකා විදුලි සේවක සංගමයේ ලේකම් රන්ජන් ජයලාල්, පෙරටුගාමී සමාජවා දී පක්ෂයේ දුමින්ද නාගමුව ඇතුළු පාර්ශව 14ක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ යෝජිත පනත් කෙටුම්පතේ අන්තර්ගත වගන්ති බොහොමයකින් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවයි.

ඒ, අනුව අදාළ පනත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් අනුමත වී ජනමත විචාරණයකින් ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් ඉල්ලා මෙම පෙත්සම්වලින් ඉල්ලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල්කාන්ත අවු:14ක් තිස්සේ කරපු සෙල්ලම් ඔක්කොම එළියට ?..ලාල්ව වහාම අත්අඩංගුවට ගන්න
04:56
Video thumbnail
ගාල්ල බද්දගම මාර්ගය නිසා දැඩි උණුසුම් තත්ත්වයක් - උනුත් එකයි මුනුත් එකයි..අපේ පාර කඩලා
04:50
Video thumbnail
කොහොමද ඒ කඹ ඇදිල්ල..වැල්ලවායේ පොලිසිය පවුලේ අය එක්ක තිබ්බ අවුරුදු උත්සවය..
02:23
Video thumbnail
අස්ථානගත වූ මුදල්වල වරදකරු හොයන්න සත්‍ය ගවේශකයෝ පෙරට - රටේ මිනිස්සුන්ගේ සල්ලිනේ මේ
01:18
Video thumbnail
සනත්ගෙයි ජෙරම්ගෙයි තනතුරේ ආරවුල ඈෂ්ලිද සිල්වා ලිහයි.."මේ නම දාලා තියෙන්නේ..බලන්න"
02:31
Video thumbnail
තිස්සකුට්ටි ජනපතිගේ වීඩියෝවක් ලීක් කරයි..කට ඇරියොත් බොරු කියන්නේ..සත පහක වගකීමක් නෑ
01:27
Video thumbnail
ආණ්ඩුව මහ දවල් මුදල් අමාත්‍යංශය මංකොල්ල කාලා - නාමල් හොඳම එකෙන් දෙසයි
02:36
Video thumbnail
රත්නපුර පොළ සංකීර්ණයේ හදිසියේම හටගත් ගින්න..කඩ සේරම මුළුමනින්ම ගිනිබත්වෙලා
03:07
Video thumbnail
ඩොලර් මිලියන 2.5ක හොරකම ගැන කරුණු රැසක් එළියට..ජනපති මුදල් ඇමතිකමින් ඉවත් වෙන්න
04:39
Video thumbnail
වැල්ලවායේ දී යතුරුපැදියක් ලොරි රථයක ගැටී සිදුවූ බිහිසුණු අනතුර..
01:09