වීසා ගැටලුවට ගුවන්තොටේ දී කලබලයක් ඇති පුද්ගලයාට හා නිලධාරීන්ට වැඩ වරදින ලකුණු

කටුනායක ගුවන් තොටුපළේ වීසා නිකුත් කිරීමේ අංශයේ කලබලයක් ඇති කළ පුද්ගලයාට සහ සිද්ධිය පටිගත කළ නිලධාරීන්ට එරෙහිව පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.

අමාත්‍යවරයා මේ පිළිබඳව සඳහන් කර සිටියේ අද (06) දින විශේෂ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින්.

මේ අතර පසුගිය පළමු වනදා වීසා නිකුත් කිරීමේ අංශයේ කලබලයක් ඇති බව කියන නීතීඥ සඳරු කුමාරසිංහ නැමැත්තා අද (06) දිනයේ ප්‍රක්ෂයක් සටහන් කර ගැනීම වෙනුවෙන් ගුවන් තොටුපොළ පොලිසිය වෙත කැඳවා තිබුණා.

එහිදී ඔහුගෙන් පැය 01යි විනාඩි 40ක පමණ කාලයක් ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් පසු නිදහස් කර තිබුණා.

එලෙස ප්‍රකාශයක් ලබාදීමෙන් පසු පොලිසියෙන් පිටතට පැමිණි නීතීඥ සඳරු කුමාරසිංහ මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් සඳහන් කළේ තමන් එදින තම රුසියානු ජාතික පෙම්වතිය සමඟ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි.

එහිදී තමන් සහ ඇයට තිබූ දිගු පෝලිම්වල රැඳී සිටීමට සිදුවීම හේතුවෙන් තමන් එලෙස අදහස් ප්‍රකාශ කළ බවයි ඔහු වැඩි දුරටත් පැවසුවේ.

තමන්ගෙන් කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය සුහදශීලී ලෙස ප්‍රශ්න කිරීම සිදුකර ප්‍රකාශය සටහන් කර ගැනීමෙන් පසු යළි පැමිණීමට අවශ්‍ය නොවන බව පොලිසිය තමන්ට දැනුම් දුන් බව ඔහු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
12
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?