“අපි ගියේ අවුරුදු සමරන්න..” – මිතුරුකම ආදරයකට පෙරළී,

වයස අවුරුදු 15ක උපකාරක පංති යන සිසුවියන් දෙදෙනෙකු වයස අවුරුදු 19 හා 20 තරුණයන් දෙදෙනෙකු සමඟ දිවුලපිටිය ප්‍රදේශයේ අවුරුදු සමරන්නට ගොස් දින ගණනාවක් එක කාමරයක ලැගුම් ගෙන සිටියදී සොයා ගැනීමට හැකි වූ බව දඹුල්ල පොලිසිය පවසනවා. දඹුල්ල කිරලගොල්ල සහ ඇඹුල්අඹේ ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම පාසල් දැරියන් දෙදෙනා මිතුරියන් ලෙස කලක් තිස්සේ එකට පාසල් ගිය අය බවත් මෙම දෙදෙනා එකම දිනයේ උප උපකාරක පන්ති ගිය අවස්ථාවේදී අතුරුදන්වූ බව දෙමාපියෝ දඹුල්ල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබුණා.

මෙම පැමිණිල්ල පිළිබඳව වහා ක්‍රියාත්මක වූ දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක එස් .පී .එදිරිසිංහ මහතා ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂිකා ගයානි විජේසුන්දර මහත්මියට සහ තවත් පොලිස් නිලධාරීන් කීප දෙනෙකු ගෙන්වා මේ බව පැහැදිලි කර දී වහාම මෙම දෑ දැරියන් දෙදෙනා ව සිදු වූ දේ සොයා බලන්නැයි උපදෙස් ලබාදී තිබෙනවා.

මෙම දියණියන් දෙදෙනා තරුණයන් සමඟ පෙම් සබඳතා ඇත්දැයි යන්න සහ නිවසේ දෙමව්පියන් සමඟ අමනාපයක් සිදුවූයේ දී යන්න සහ අවට ඔවුන් සමග තරහ කරුවන්ට සිටියේද යන්න ආදී පැති කිහිපයකින් පරීක්ෂණ පවත්වන්නට පොලිසියට උපදෙස් ලැබුණා.

මෙම පැමිණිල්ල ඉදිරිපත් කොට ඇති මව්වරුන් කියා ඇත්තේ තම දියණියන් කාලයක් තිස්සේ ඉතා සමීප ඇසුරු කරමින් මිතුරියන් සේ අධ්‍යාපනය ‍ලබන බවත් කිසිදු ආකාරයකින් පෙම් සබඳතාවයක් හටගෙන නොමැති බවයි.

එසේ සිදුවන්නේ නම් ඔවුන් දෙමව්පියන්ට ප්‍රකාශ කරන බවද දෙමව්පියෝ ළමා හා කාන්තා කාර්යාංශයට ප්‍රකාශ ලබා දෙමින් පවසා තිබෙනවා.

මෙම නිවසට ගොස් මෙම සිසුවියන්ගේ පාසල් පොත් බෑග් සහ පාඩම් කරන මේස ඉතා සූක්ෂම ලෙස පරීක්ෂාවට ලක්කළ දඹුල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි නිලූකා විජේසුන්දර මහත්මිය යම් යම් හෝඩුවාවන් රැසක් සිය උකුසු ඇස්ට හසු කරගෙන සටහන් පොතේ තබාගෙන නැවත පොලිස්ථානයට පැමිණ තමන් සොයා ගත් තොරතුරු සහ විවිධ සටහන් පිළිබඳව මූලස්ථාන පොලිස් පරීක්ෂක එදිරිසිංහ මහතා හට දැනුම් දී ඇති බව සඳහන්.

ඒ අනුව ජංගම දුරකථනකථන අංකයක් හරහා ලබාගත් තොරතුරු රැසක් උපයෝගී කරගෙන ඉතා සූක්ෂම ලෙස තරුණයකු පිළිබඳව තොරතුරක් හෙළිවී තිබෙනවා.

ජංගම දුරකථන අංකයක් හරහා මෙම තරුණයන් සම්බන්ධ කර ගැනීමට පොලිස් පරීක්ෂාවට එතරම් කාලයක් ගත වූයේ නැහැ.

එසේ සිදුවී ඇත්තේ පොලිස් උගුලකට හසුවීම නිසාවෙනුයි.

ඒ අනුව එක තරුණයකු පොලිස් පරික්ෂිකා නිලුකා මහත්මිය සමග දුරකතනයෙන් කතා බහ කරන්නට වුයේ පොලිසියෙන් බව නොදැනයි.

පසුව ඔහුගෙන් ඉතා සූක්ෂම ලෙස ප්‍රශ්න කිරීම්වලදී වලදී හෙළිවී ඇති දඹුල්ලේ තරුණ පාසල් සිසුවියන් දෙදෙනෙකු ඔවුන් ළඟ සිටින බවයි.

ඒ අනුව පොලිස් පරීක්ෂක සුනිල් සූරිය මහතා තවත් පොලිස් නිලධාරිනියන් කණ්ඩායමක් සමග මෙම පිරිස් නැවතී සිටී බව කියූ දිවුලපිටිය වැලිවිට ප්‍රදේශයට පොලිස් කණ්ඩායම පිටත්ව තිබෙනවා.

වැලිවිට ප්‍රදේශ්යේ කුඩා කාමරයක් ගෙන මෙම පාසල් සිසුවියන් දෙදෙනා ඔවුන් දෙදෙනාගේ පෙම්වතුන් දෙදෙනාත් පැදුරක් එලාගෙන එකම පැදුරේ බිම නිදාගෙන සිටියදී පොලීිසියට හතරදෙනාම අල්ලා ගැනීමට හැකිවී තිබුණා.

සිව් දෙනාම දඹුල්ල පොලිසියට රැගෙන විත් ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ එක් තරුණයෙකු පුත්තලම ප්‍රදේශයේ පදිංචි පදිංචිකරුවෙකු බව අනෙක් තරුණයාව පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි පදිංචිකරුවෙකු බවයි.

මේ පාසල් සිසුවිය දෙදෙනාගෙන් එක් අයෙකු සමග දුරකථන අංකයක් හුවමාරු කරගෙන ආදරයක් බවට පෙරළා තමන්ගෙ මිතුරාටද අනෙක් සිසුවිය සමඟ සබඳකම් ඇතිකර දී ජංගම දුරකථන හරහා පැවැත් වූ ආදරය අවසානයේ දී මෙම බාලවයස්කාර දැරියන් දෙදෙනා ඇතුළු සිව් දෙනා වෙන් වෙන් ව නොසිට එකම කාමරයක් ගෙන එක පැදුරේ නිදා ගත් බව අලුත් අවුරුද්ද සැමරීමට ගිය බව ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ බව පොලීසිය සඳහන් කළා.

මෙසේ සොයා ගත් පාසැල් සිසුවියන් දෙදෙනා දඹුල්ල රෝහලට ඇතුලත් කොට පරික්ෂා කිරීමේදී ලිංගික අතවර සිදුවී ඇති බව අනාවරණය වීමත් සමග දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට සිසුවියන් දෙන්නා දෙමව්පියන් භාරයේ පසුවන බවද වයස අවුරුදු 20ක සහ ද19ක වූ තරුණයන් දෙදෙනාගේ රක්ෂිත බන්ධනාගාර ගත කළ බවත් වාර්තා වනවා. තම දුවා දරුවන් පිළිබඳව සොයා බලා ආහාර පාන ලබා දෙනවාට වඩා ඔවුන් ඇසුරු කරන පිරිස් පිළිබඳව ඔවුන්ගේ පොතපත පිළිබඳ විමසිලිමත්ව දෙමාපියන් කටයුතු කලයුතු බව දඹුල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි නිලුකා විජේසුන්දර මහත්මිය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09