ශ්‍රී ලංකාවට එන්න තිබූ කෝටි 600ක හෙරොයින් ඉන්දීය ආරක්ෂක අංශ මහ මුහුදේ දී අල්ලයි

ශ්‍රී ලංකාවට රැගෙන එමින් තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් ඉන්දීය වෙරළාරක්ෂක බලකාය සහ ගුජරාට් ත්‍රස්ත මර්දන ඒකකය සහ මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පාකිස්ථාන බෝට්ටුවක් මඟින් මෙරටට රැගෙන එමින් තිබූ මෙම මත්ද්‍රව්‍ය තොගය සමඟ පාකිසථාන ජාතිකයින් 14 දෙනෙක් ද ගුජරාට් වෙරළ තීරයේ දී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ඉන්දීය රුපියල් කෝටි 600ක් පමණ වටිනා හෙරොයින් කිලෝග්‍රෑම් 86ක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණේ.

මෙම මත්ද්‍රව්‍ය තොගය එවා ඇත්තේ පාකිස්ථානය පදනම් කරගනිමි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවන ජාවාරම්කරුවෙකු වන හජි අස්ලාම් හෙවත් ‘බාබු බලොච්’ බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම මත්ද්‍රව්‍ය තොගය තමිල්නාඩුව පදනම් කරගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට ලැබීමට නියමිත බවත්, එහි ගමනාන්තය ශ්‍රී ලංකාව බවත් ඉන්දීය ආරක්ෂක අංශ අනාවරණය කරගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?